කලාපීය රටවල විදේශ ප්‍රේෂණ ඉහළ යද්දී මෙරට විදේශ ප්‍රේෂණ බරපතල පසුබෑමක !

Date:

විදෙස් රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය දැඩිලෙස පහත වැටෙමින් තිබේ. දැඩි ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ප්‍රේෂණ අවම වීම හේතුවෙන් අර්බුදය තවදුරටත් උත්සන්න වී තිබේ.

පබ්ලික් ෆයිනෑන්ස් නමැති ස්වාධීන පර්යේෂණ ආයතනය සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී තිබෙන්නේ, කොවිඩ් වසංගත තත්වය මැද කලාපයේ සෙසු රටවල විදෙස් ප්‍රේෂණ ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ පමණක් විදෙස් ප්‍රේෂණ ඉතා වේගයෙන් අවම වෙමින් තිබෙන බවයි.

2021 වසරේදී මාලදිවයින සිය ප්‍රේෂණ 25.2% කින් ඉහළ දමාගෙන ඇති අතර පකිස්තානය 27% කින් සහ පිලිපීනය 29.6% කින් ඉහළ දමාගෙන තිබෙනවා. බංග්ලාදේශයේ විදෙස් ප්‍රේෂණ 1.5% කින් ඉහළ ගොස් ඇත.

කෙසේ නමුත් 2020 වසර සාපේක්ෂව 2021 වසරේදී ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රේෂණ 22.7% කින් පහත වැටී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...