Saturday, June 3, 2023
spot_img

Latest Posts

සතොසෙන් පොල්වලටත් සීමා

සතොස අලෙවි සැල් හරහා මිලදී ගත හැකි පොල් ප්‍රමාණයද සීමා කර තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකුට මිලදී ගත හැක්කේ පොල් ගෙඩි 03 ක් පමණි.

සාමාන්‍ය වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 90 කට අලෙවි වෙද්දී සතොස අලෙවිසැල්වලින් රුපියල් 75 බැගින් පොල් අලෙවි කරන බැවින් සීමා පැනවීමට සිදුවන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඇමතිවරයා සඳහන් කළේ.

සහල මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩද මිලදී ගැනීම අනිවාර්ය බවත්, සහල් පමණක් මිලදී ගැනීමට අවස්ථාව හිමි නොවන බවත් ඔහු සඳහන් කරනවා. සතොස හරහා අඩු මිලට සහල් අලෙවි කරන බැවින් ජාවාරම්කරුවන් සහල් තොග රැස් කර ගැනීම අවහිර කිරීම සඳහා සීමා පනවා ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සතොස අලෙවිසැල්වල සියලු භාණ්ඩ අලෙවි කරන්නේ සාමාන්‍ය වෙළඳපොලේ පවතින මිල ගණන්වලට වඩා අඩුවෙන් බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.