කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රීය කුල්කර්ණි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතරඊයේ (25) සුහද හමුවක් සිදුව තිබේ.
ඒ,මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිවසේ දීය.
එහි දී, ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ද අවධානය යොමු කරමින් සුහද පිළිසඳරක නිරත වී තිබෙන අතර මෙවැනි හමුවීම් හරහා දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව හැඟෙන බවයි ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර ඇත්තේ.
ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික බැඳීම් මත පදනම් වූ ශ්‍රී ලංකා – ඉන්දීය මිත්‍රත්වය පසුකාලීනව පුළුල් සහයෝගීතාවක් දක්වා වර්ධනය වෙමින් දෙරටේ අන්‍යෝන්‍ය යහපත හා සුබසිද්ධිය උදෙසා හේතු වූ බවද හෙතෙම සඳහන් කරයි.
විශේෂයෙන්ම, පසුගිය වසරේ අප රට මුහුණ දුන් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ ඉන්දීය රජය ලබාදුන් සහයෝගය, දෙරට අතර පවතින මිත්‍රත්වයේ සහ සහෝදරත්වයේ ශක්තිය මැනවින් පිළිබිඹු කළ අවස්ථාවක් ලෙස ස්තුතිපූර්වකව සිහිපත් කරන බවද රාජපක්ෂ මහතා කියාසිටියි.



