සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: ජපානයේ ටෝකියෝ නුවර බාර් සහ රාත්‍රී සමාජශාලා ආශ්‍රිතව මත්පැන්වලට රහසිගතව මත්ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ සිදුවීම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් වංචා ඉහළ යමින් පවතින බවට ජපානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ජපානයේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළු විදේශීය සංචාරකයන් මෙම අවදානම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් සංචාරකයන් දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහනක්ද ආරම්භ කර ඇති අතර, එය බ්‍රිතාන්‍ය රැප් ගායක ෂාඕ ඩෝ (Shao Dow) විසින් මෙහෙයවනු ලබයි.
රාත්‍රී විනෝදාස්වාද ස්ථානවලදී තම පානයන් පිළිබඳව අවධානයෙන් සිටීම, නාඳුනන පුද්ගලයන්ගෙන් ලැබෙන පානයන් භාර නොගැනීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී සැලකිලිමත් වීමේ වැදගත්කම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් අවධාරණය කර තිබේ.
එමෙන්ම, ටෝකියෝ නුවර රාත්‍රී විනෝදාස්වාද ස්ථාන වෙත යන සංචාරකයන් තම ආරක්ෂාව පිළිබඳව නොසැලකිලිමත් නොවිය යුතු බවටද අනතුරු අඟවා ඇත.

