ඔටෝ ඩීසල් හිඟයෙන් ආනයන අපනයන බහාලුම් ප්‍රවාහනය නවතින ලකුණු! (VIDEO)

Date:

කොළඹ අවට ඉන්ධන පිරවුම් හල් සියල්ලේම පාහේ පවතින ඔටෝ ඩීසල් හිඟය නිසා අපනයන, ආනයන බහාලුම් ප්‍රවාහන කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුව ඇති බව එක්සත් ලංකා බාහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සහ සමස්ත ලංකා බහාලුම් ඒකාබද්ධ ප්‍රවාහන සංසදයේ සභාපති සනත් මංජුල මහතා අද (15) මධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඊයේ රාත්‍රියේ සිට මේ තත්ත්වය උදා වී තිබෙන අතර මෙම ඩීසල් නොමැති වීම නිසා අපනයන ආනයන බහාලුම් ප්‍රවාහනය දැඩි දුෂ්කර තත්ත්වයකට පත්ව තිබෙන බවයි මංජුල මහතා කියා සිටියේ.

පසුගිය සතියේද දින 03ක් මෙම ප්‍රශ්නය මතුව තිබේ.

අඛණ්ඩව මෙම ඉන්ධන ප්‍රශ්නය පැවතිය හොත් බහාලුම් ප්‍රවාහනයෙන් ඉවත්වීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර වරාය පරිශ්‍රයේ තිබෙන ඉන්ධන පිරවුම්හල් වලින් බහාලුම් රථ සඳහා ඉන්ධන ලබාගැනීමට හැකිද යන්න පිළිබඳ අමාත්‍යවරයා සමඟ සාකච්ජා කරන බවද ඔහු කියාසිටින ලදී.

කෙසේවෙතත් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ඉන්ධන ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස යැයිද ඔහු ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...