ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ලබාදීමට ඉන්දියාව එකඟතාවය පළකර තිබෙනවා. ශ්‍රී ලංකා රජය සිදුකළ ඉල්ලීමකට අනුව මෙම ණය මුදල ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ණය මුදල ලබාදෙන තෙක්, බලශක්ති අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් ලබා දී තිබේ.
මෙම ඉන්ධන තොගය ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් කොළම වරාය වෙත රැගෙන විත් තිබෙන අතර මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ඉන්ධන තොගය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත ලබා දුන්නේය.
UN