රාසමානික්කම් ආණ්ඩුව මට්ටු කරයිද? (VIDEO)

Date:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරෝධය පළකරමින් අද (15) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් පැවැත්වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාගේ කැඳවුම්කාරීත්වයෙන් යුතු ”ජන යුක්තිය” ව්‍යාපාරය විසිනුයි එය සංවිධානය කර තිබුණේ.

උතුරු නැගෙනහිර ද මෙම වැඩසටහන ක්‍රියත්මක අතර අද ආරම්භ කළේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහනයි.

ඒ අනුව අද ඊට මුලින්ම අත්සන් තබා තිබුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විසිනි.

1979 දී තාවකාලික පනතක් ලෙස ගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අද දක්වාම සංශෝධනය කරමින් ඉදිරියට ගෙන යන අතර මේ ගැන ජනතාවට ඇත්තේද වැරදි අවබෝධයක් බව ඊට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඕනෑම රටකට ත්‍රස්තවාදය වැලැක්වීමට සහ ඊට මුහුණ දීමට පනතක් තිබිය යුතු වුවත් ශ්‍රී ලංකාවේ පවතින් පනතින් ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මෙම වැඩසටහනට එක්වීමද වරදක් ලෙස දක්වා එම පනතට අනුව අත්අඩංගුවට ගැනීමට හැකි බව ඔහු කියා සිටියේය.

මෙම අවස්ථාවට විපක්ෂ දේශපාලන නියෝජිතයින්,වෘත්තීය සමිති නියෝජිතයින්,සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පාර්ශව එක්ව සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...