රාසමානික්කම් ආණ්ඩුව මට්ටු කරයිද? (VIDEO)

Date:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරෝධය පළකරමින් අද (15) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් පැවැත්වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාගේ කැඳවුම්කාරීත්වයෙන් යුතු ”ජන යුක්තිය” ව්‍යාපාරය විසිනුයි එය සංවිධානය කර තිබුණේ.

උතුරු නැගෙනහිර ද මෙම වැඩසටහන ක්‍රියත්මක අතර අද ආරම්භ කළේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහනයි.

ඒ අනුව අද ඊට මුලින්ම අත්සන් තබා තිබුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විසිනි.

1979 දී තාවකාලික පනතක් ලෙස ගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අද දක්වාම සංශෝධනය කරමින් ඉදිරියට ගෙන යන අතර මේ ගැන ජනතාවට ඇත්තේද වැරදි අවබෝධයක් බව ඊට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඕනෑම රටකට ත්‍රස්තවාදය වැලැක්වීමට සහ ඊට මුහුණ දීමට පනතක් තිබිය යුතු වුවත් ශ්‍රී ලංකාවේ පවතින් පනතින් ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මෙම වැඩසටහනට එක්වීමද වරදක් ලෙස දක්වා එම පනතට අනුව අත්අඩංගුවට ගැනීමට හැකි බව ඔහු කියා සිටියේය.

මෙම අවස්ථාවට විපක්ෂ දේශපාලන නියෝජිතයින්,වෘත්තීය සමිති නියෝජිතයින්,සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පාර්ශව එක්ව සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...