යුක්තිය මෙහෙයුමෙන් ඊයෙත්(14) සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): ගතවු පැය 24ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 535 දෙනෙකු හා අපරාධ සම්බන්ධයෙන් 121ක් දෙනෙකු මෙම පිරිසට ඇතුලත්.සැකකරුවන් ළග තිබි හෙරෝයින් ග්‍රෑම් 241ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 139ක් ඇතුලු මත්ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් එක් අයෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවත්,පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට පුද්ගලයන් තුන් දෙනෙකු යොමුකළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අපරාධයක් සඳහා සූදානම්වෙමින් සිටි පුද්ගලයෙකු ගිණිඅවියක් සමඟ ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී ඇත.

ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි අවියක් ද ඔහු ළග තිබි සොයා ගැනුණු අතර,සැකකරු ඇල්පිටිය තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මෝදර රොහාන් හා ඩුබායි නිපුනගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත. මෝදර අලුත්මාවත ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකෙරුණේ.සැකකරු ළඟ තිබි හෙරෝයින් ග්‍රෑම් 112ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සොයා ගැනුණු බව වැඩි දුරටත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...