යුක්තිය මෙහෙයුමෙන් ඊයෙත්(14) සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): ගතවු පැය 24ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 535 දෙනෙකු හා අපරාධ සම්බන්ධයෙන් 121ක් දෙනෙකු මෙම පිරිසට ඇතුලත්.සැකකරුවන් ළග තිබි හෙරෝයින් ග්‍රෑම් 241ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 139ක් ඇතුලු මත්ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් එක් අයෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවත්,පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට පුද්ගලයන් තුන් දෙනෙකු යොමුකළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අපරාධයක් සඳහා සූදානම්වෙමින් සිටි පුද්ගලයෙකු ගිණිඅවියක් සමඟ ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී ඇත.

ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි අවියක් ද ඔහු ළග තිබි සොයා ගැනුණු අතර,සැකකරු ඇල්පිටිය තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මෝදර රොහාන් හා ඩුබායි නිපුනගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත. මෝදර අලුත්මාවත ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකෙරුණේ.සැකකරු ළඟ තිබි හෙරෝයින් ග්‍රෑම් 112ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සොයා ගැනුණු බව වැඩි දුරටත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...