සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඖෂධ නියාමනය , සැපයීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

ටෙන්ඩර් ක්‍රමවේදය විධිමත් කිරීම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩවම රෝහල්වලට ලබාදීම ඖෂධ ආනයන ක්‍රමවේදය ක්‍රමවත් කිරීම පිළිබඳ මෙහිදි අවධානය යොමු වී ඇති අතර, ඖෂධ ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 500කට අධික මුදලක් වාර්ෂිකව වැය කෙරෙන බවද සඳහන් වී ඇත,

අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වියදම අවම කිරීම සඳහා මෙරටදී වැඩි වශයෙන් ඖෂධ නිෂ්පාදනය සිදුකළ යුතු බවයි.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට වෛද්‍ය සැපයුම් අංශය , රාජ්‍ය ඖෂධ සංස්ථාව , රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව  සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව සඅහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියෙකුගේ වියෝවෙන් හෙළිවන ක්‍රිකට් ලොවේ අඳුරු සෙවණැලි

විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් කොළඹ (LNW): 2025 සැප්තැම්බර් 18 වන...

ආදර්ශ ඩිපෝ විසිපහක් සංවර්ධනය කිරීමේ වැඩසටහන තලංගමින් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : ආදර්ශ ඩිපෝ විසිපහක් සංවර්ධනය...

තමන් ඔප දමන තැනක් හමුවේය යන විශ්වාසයෙන් පසුවන මිණිපුර වේග මිණිකැට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට ව්‍යාපෘතිය යටතේ...

තැන්නේ ඤාණානන්ද හිමිගේ ”පන්සලේ මල්සරා” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: තැන්නේ ඤාණානන්ද හිමියන් විසින් රචිත ''පන්සලේ මල්සරා"...