බස්නාහිර පළාතේ බැඩ්මින්ටන් තේරීම ගැටළුවක්නම් ලේකම්ට කියන්න

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 16,(LNW)කොළඹ :

කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 13 න් පහළ සහ බස්වාහිර පළාතේ 15 න් පහළ බැඩිමින්ටන් සංචිත තේරීමේදී යම් ගැටළුවක් වී ඇත්නම් එය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම්වරයාට පෙබරවාරි මස 25 ට ප්‍රථම ලිඛිතව දැණුම් දෙන මෙන් ඉල්ලා සිටිනවා.
එහිදී අවුරුදු 13 න් පහළ කොළඹ දිස්ත්‍රික් සංචිත තේරීමේදී පහත සඳහන් නිර්නායක තුන සළකා බලා තිබෙනවා.

  1. 72 වන SLB ජාතික තරඟාවලිය
  2. කනිෂ්ඨ ජාතික ප්‍රතිඵල
  3. 2024.12.31 වන දිනට SLB ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිඵල 1 සිට 15 දක්වා (U11+ සිට U13 දක්වා 1 වන වසර)
    එසේම අවුරුදු 15 න් පහළ බස්නාහිර පළාත් සංචිත තීරණය කිරීමේදී පහත සඳහන් නිර්නායක සළකා බලා තිබෙනවා.
  4. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව (2025 EPBA ශූරතාවලිය දක්වා යාවත්කාලීන කරන ලදී) – 1 සිට 15 දක්වා ශ්‍රේණිගත කර ඇති ක්‍රීඩකයින්.
  5. 2011, 2012 සහ 2013 වර්ෂවල උපත ලැබූ ක්‍රීඩකයින් සුදුසුකම් ලබයි.
  6. SLB ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 13න් පහළ දෙවන වසරේ කාණ්ඩයේ ඉහළම ක්‍රීඩකයින් 10 දෙනා 15න් පහළ උසස්වීම් ලබා ඇත. (2013 උපන්)
    මෙම තෝරා ගැනීම් සිඳු කිරීමට දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් හී ප්‍රාදේශිය සංවර්ධන කමිටුව වන අතර ගෙවුණු වසර කිහිපය තුළ ඔවුන් හරහා ප්‍රාදේශිය මට්ටමෙන් බැඩිමින්ටන් පෝෂණය කිරීමට ගත් උත්සාහය නිසා ක්‍රමිකව වැඩුණු බැඩ්මින්ටන් දක්ෂයන්ගේ පරපුරක් නිර්මාණය වෙමින් තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...