Saturday, June 3, 2023
spot_img

Latest Posts

ස්විට්සර්ලන්ත තානාපති සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අතර හමුවක්
 

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් ඊයේ (15) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.

මෙහිදී ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා ශ්‍රී ලංකා පොලිසිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය සහ පොලිස් නිලධාරීන්ගේ පුහුණුවීම් වැඩමුළු පැවැත්වීමට සහයෝගය ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පවසා ඇත.

තවදුරටත් අදහස් දක්වමින් ස්විස් තානාපති මහතා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ සත්‍ය කොමිසම පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සත්‍ය කොමිසම ඒක පාර්ශ්වික නොවිය යුතු බව අවධාරණය කළ බව සඳහන්.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.