*
Monday, September 30, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/16

  1. ජනතාවට දරාගත නොහැකි විදුලි බිලට විසඳුමක් ලෙස විදුලි ගාස්තු සියයට 36 කින් පමණක් ඉහළ දමන මෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඉදිරිපත් කළ යෝජනාව එම කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු අතින් ම ප්‍රතික්ෂේප වෙයි – ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ ගාස්තු සියයට 66 කින් ඉහළ දැමීමේ යෝජනාව සම්මත වෙයි.
  2. කිසිඳු පුද්ගලයකු මඟනොහැර අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සලසන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි – පවුල් මිලියන 2.85 (2,850,000) කට ලබා දිය හැකි පරිදි උපරිම රු. බිලියන 20 කට යටත්ව සහල් මිලදී ගන්නා ලෙස උපදෙස් දෙයි – එක් පවුලකට මාර්තු සහ අප්‍රේල් මාසවල සහල් කි.ග්‍රෑ 10 බැගින් ලැබීමට නියමිත ය.
  3. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේ තවත් එක් පියවරක් ලෙස, නව ජංගම යෙදුමක් හඳුන්වා දෙයි – මෙවන් ජංගම යෙදුමක් හඳුන්වා දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පළමු වරට වන අතර, මෙමඟින් ආයෝජකයන්ට ආයෝජන ආශ්‍රිත තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට මෙන්ම නව සන්නාම අත්දැකීමක් ලබා දීමට ඉඩ සලසා දෙයි – ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන සඳහා මෙම යෙදුම බාගත කර ගත හැක.
  4. අලුත්ගම-මතුගම ගල්මන්ත ප්‍රදේශයේ දී 34 හැවිරිදි පුද්ගලයකුට මාරක ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාවට 16 හැවිරිදි පිරිමි දරුවන් තිදෙනෙකු වැලිපෙන්න පොලීසියේ අත්අඩංගුවට – පහර කා තුවාල ලැබූ පුද්ගලයා වෙලගෙදර, කුරුදිප්පිට පදිංචිකරුවකු වන අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇත.
  5. මෙරට රියදුරු බලපත්‍ර හිමි පුද්ගලයන් 12,700,000 කින් මිලියනයකට අධික (1,122,418) ක පිරිසක් කාන්තාවන් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි – ඔවුන්ගෙන් ද කාන්තාවන් 2,082 ක් බරවාහන රියදුරු බලපත්‍ර හිමියන් බව ද සඳහන් – රයදුරු බලපත්‍ර සඳහා අයදුම් කරන්නන් අතර කාන්තාවන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ඇති බව ද පවසයි.
  6. වී මිලදී ගැනීම සහ බෙදා හැරීම සඳහා වන රජයේ වැඩපිළිවෙළට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය නිකුත් කරයි – මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ ගේ මඟපෙන්වීම මත භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් වෙයි.
  7. 34 වසරකට පසු එළඹෙන පෙබරවාරි 19 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී “ජනරජ පෙරහර” පැවැත්වීමට නියමිතය – මෙය පැවැත්වෙන්නේ 75 වන නිදහස් දින උත්සවයට සමඟාමීව වන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත ය.
  8. විරෝධතා හෝ වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක නිලධාරීන් ඉවත් කරන මෙන් ඉල්ලා සිටියද, එවන් ක්‍රියාවක් අත්තනෝමතික ලෙස රජය සිදුනොකරන බවත්, එවන් ක්‍රියාවක් අනුගමනය කිරීම සඳහා සිදුකළ යුතු නීති සහ ක්‍රියාපටිපාටියක් තිබෙන බවත් පවසයි – එම නීති අනුව රජය කටයුතු කරනු ඇති බව ද පවසයි – ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ, රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සහ රාජ්‍ය සංස්ථාවක සාමානාධිකාරීවරයකු ඉවත් කරන මෙන් එම ආයතනවල සේවකයන් පැවැත්වූ විරෝධතා දෙකකින් අනතුරුව ය.
  9. 2005 වර්ෂයේ දී කළ වැටලීමක් අතරතුර පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ වරද ට තිස්සමහාරාම පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනුබද්ධ පොලිස් ස්ථානාධිපතිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරයි.
  10. මැතිවරණ ඡන්ද පත්‍රිකා නිකුත් නොකිරීම සහ එළඹෙන පළාත් පාලන මැතිවරණයට මුදල් නිකුත් නොකිරීම හරහා රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ භාණ්ඩාගාර ලේකම්වරයා ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කර ඇති බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි – මීට ප්‍රතිචාර දක්වමින් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා ලියනගේ පවසන්නේ තමා නීත්‍යානුකූල සීමාවන් තුළ කටයුතු කර ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan