*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ඕස්ට්‍රේලියාව පරාජය කළ හැකි ද?

දකුණු අප්‍රිකාවේ පැවත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාරියන් වී සිටින්නේ ශ්‍රී ලංකාවයි.ඒ පෙරළිකාරයින් අද හමුවන්නේ වත්මන් විස්සයි විස්ස ලෝක සූරියෝය.දැනට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයේ අපරාජිතව ඉහළින් සිටින කණ්ඩායම් දෙක වන්නේ ද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවයි.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගි වුණේ වර්ථමාන දස්කම් අතර ශ්‍රී ලංකාවට ඉහළින් සිටින දකුණු අප්‍රිකාව සමඟයි.එහිදීම පෙරළිය ඇරඹු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට බංගලිදේශය පරාජය කළ ආකාරයෙන් ලෝකයේම අවධානය යොමු විය.නමුත් අද ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් සහ ශ්‍රී ලංකාව අතර තිබෙන වෙනස ප්‍රතිවාදීන්ට රැක ගැනීමට දෙයක් තිබෙන අතර සියල්ල කඩා බිඳ ගෙන ඉදිරියට යන ශ්‍රී ලංකාවට රැක ගැනීමට දෙයක් ඕස්ට්‍රේලියාව ඉදිරියේ ඉතුරුව නැත.

මේ නිසා මේ මොහොත වන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ක්‍රිකට්මය හැසිරීම වැඩියෙන්ම බලපාන්නේ ඕස්ට්‍රේලියාවටය.මේ කළු වෙළඹ කෙසේ හැසිරෙනු ඇද්ද යන සැකස සහ පීඩනය සමඟ පිටියට එන ඕස්ට්‍රේලියාවට එරෙහි අපට වඩාත්ම අවශ්‍යය වන්නේ හොඳ ලකුණු පූවරුවක්ය.ඉනෝකා,සුගන්ධි,ඕෂධි සහ කවීශා සමඟ අතිරේක පන්දු යවන්නියන් ගැන කල්පනා කරනු විනා නිශ්චිත පන්දු යවන්නන් ගැන අදහස මදකට ඉවත් කර ගැනිම යහපත්ය.

ඒ නිසා අද යොවුන් පිතිකාරිණියක ලෙස ප්‍රකට හර්ෂිතා නම් වූ ප්‍රහාරක පිතිකාරිනිය නිර්මාණය කළ අනුලාවෙන්ම බිහි වූ කෞෂණි ගැන හිතිම යහපත්ය.එසේම අප නිරන්තරයෙන් යෝජනා කරන පරිදි තමන්ගේ වටිනාම දායකත්වය ලබා දිම පිණිස පියවර දෙකකින් පමණ චමරි පිටුපසට පැමිණ පළමු දැවීමෙන් පසුව පිටියට ඒමට නිලක්ෂි යෙදවීම මෙන්ම හර්ෂිතා ගේ සහය ක්‍රීඩිකාව සේ විශ්මි කැඳවීම යහපත් බව අපේ යෝජනාවය.අනතුරුව අනුශ්කා,කවීශා සහ කෞෂණි ගැන කල්පනා කිරීම යහපත්ය.

එසේ නොවුණ ද,තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පැමිණියහොත් වැදගත්ම දේ ලකුණු 140 පමණ සීමාවට ලකුණු පූවරුව තල්ලු කර ගැනීමය.ඒ සඳහා හයේ හතරේ ඒවා පමණක් නොව එකේ ලකුණු ද වැදගත්ය.නි’ලකුණු පන්දු අවම කර ගත යුතුය.ලකුණු 30 ඉක්මවා ගිය ලකුණු වේගය සියයට වැඩි වූ ඉණිම තුනක් හෝ එක් වේගවත් ලකුණු 70 ට පමණ එහා ගිය ලොකු ලකුණු ගණනක් සහිත පිතිකාරිණියක් සහිතව ලකුණු 100 ක පමණ සබඳතාවයක් පැමිණි විට ලකුණු 120 වැනි ලකුණු ගණනකට පන්දු ඕවර් 15 ට අඩු ගණනකින් ළඟා විය හැකිය.

වැදගත්ම දේ ලකුණු 140 කි.එය රැක දීමට සමත් පන්දු යැවිමක් පමණක් නොව පන්දු රැකිමක්ද මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රදර්ශනය කරති.එමෙන්ම අනුශ්කා සංජීවනි කඩුල්ල පිටුපස සිටින කාර්ය භාරයද අන් සියලු කණ්ඩායම්වල කඩුලු රකින්නියන් හා සම තත්ත්වයේ හෝ ඉන් ඉහළින් තැබිය හැකි මට්ටමේ වීමත් ශ්‍රී ලංකාවට වාසිදායක කර ගැනීමට හැකිය.
වැදගත්ම ඕස්ට්‍රේලියාවට තමන්ගේ තත්ත්වය රැක ගැනීම පිණිස දෙවරක් හිතන්න වන දේ පමාවට හේතුවකි.එවැනි බරකින් නිදහස් වීම ශ්‍රී ලංකාවට අනෙකා මත දැනෙන පීඩනය වැඩි කිරීමට ලැබුණ අවස්ථාවකි.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan