උද්ගතව ඇති අර්බුදයට අප මුහුණ දිය යුත්තේ කෙසේද ? – 89 සහෝදරත්වය

Date:

රට මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත නිවැරදි දැක්මක් සහිත වැඩපිළිවෙලක් වහාම ඉදිරිපත් කළයුතු බවත් ඒ සඳහා වාමාංශික පක්ෂ, වාමාංශික කණ්ඩායම් මෙන්ම උතුර, නැගෙනහිර, දකුණ, වතුකරය සහ ගෝලීය වශයෙන් ගොඩනගන ප්‍රගතිශීලී බහුජන සංවිධානවල මැදිහත් වීම මත දේශපාලන කව සහ සංවිධාන හැකි පමණ එක්වී පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවත් “89 සහෝදරත්වය” සංවිධානය පවසයි.

“89 සහෝදරත්වය” යනු 89 අරගලයට ක්‍රියාකාරීව දායකත්වය සැපයූ, දැනට කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන ක්‍රියාධරයින් පිරිසක් විසින් නිර්මාණය කරන ලද සංවිධානයකි.

මේ වනවිට වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් ඉවත් වී සිටින වාමාංශික ක්‍රියාධරයින් නැවත එක්කොට එක සමූහයකට කැඳවා,

  1. ඔවුන් ඔවුනතර සාමූහික තාවයක් ගොඩනැගීම

2.ඔවුන්ගේ මුහුණදී ඇති සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් හැකි පමණින් මැදිහත් වීම සහ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා මැදිහත්වීම.

  • මාක්ස්වාදී ප්‍රවාදයන් ලාංකීය සමාජයවෙත ස්ටැලින්වාදී ප්‍රවනතාවයක් ලෙස පැමිණ ඇතිනිසා නිර්මාක්ස්වාදී ආස්ථානයන් බැහැරකිරීමට සංවාදයක් ගොඩනැගීම.
  • ජනවාර්ගික ගැටළුවට නිරවුල් විසදුමක් යෝජනා කිරීම සහ සුළු ජන කොට්ඨාශයන් හට ඇතිවන අසාධාරණයට විරුද්ධව පෙනී සිටීම.
  • පුළුල් ප්‍රගතිශීලි බහුජන ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටීම
  • සියලු වාමාංශික පක්ෂ එක්ව සටන් කිරීමට හැකි අවකාශයක් වෙනුවෙන් පෙනී සිටීම.
  • හෙට රටතුල සමාජවාදය ගෙනඒමට සංවිධානය කිරීම වෙනුවට සමාජයේ ඇතිවී ඇති පරිහානියෙන් මූලිකව ගොඩනැගීමට අවශ්‍ය මූලික ධනේශ්වර කර්තව්‍යයන් ඉටුවීම සුදුසු බවට සංවාදයක් ගොඩනැගීම

මෙම සංවිධානයෙහි අරමුණ වී තිබේ.

89 සහෝදරත්වය කිසිවිටෙක කිසිදු දේශපාලන පක්ෂයක් සඳහා සහයෝගය දැක්වීම හෝ මැතිවරණවලදී කිසිදු පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ද නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරක් : අයෙක් මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : මධ්‍යම අධිවේගී මාර්ගයේ...

කවීජගේ ශතකය දුවද්දී දැවීම්වලින් පරාජය කළ පසු ආකාශ්ගේ දඟ පන්දුවට අවසාන මොහොතේදී ජයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: බටහිර ඉන්දීය කොදෙව් දූපත්...

චීනයේ මෙතෙක් පැවති විශාලතම ජයග්‍රාහී දින පෙළපාළියේ ෂී, පුටින් සහ කිම් ජොන් උන් එක පෙළට (VIDEO)

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 03:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දෙවන ලෝක යුද්ධයේදී ජපානය...

ලංකාවේ කවුරුත් නොගිය තැනකට රනිත්මා පැමිණෙයි – විරේන්ටත් 58 වන තැන

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන්...