*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

බ්‍රසීල සෞඛ්‍ය අංශ පිට්ටනියට පැන නතර කෙරූ තරඟය : බ්‍රසීලයටත් ආර්ජෙන්ටිනාවටත් දඩ – ආර්ජෙන්ටිනා හතරකට තරග තහනමක්

බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් ඉකුත් වසරේ බ්‍රසීල සහ ආජෙන්ටිනා පාපන්දු තරගය ආරම්භ වී විනාඩි කිහිපයකින් සාඕ පාවුලෝ ක්‍රීඩාංගණයට පැන තරගය නවතා දැමීය.දකුණු ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රබල පාපන්දු කණ්ඩායම් දෙකක් අතර පැවත්වෙන මේ තරගය අතරමැදට පැන නතර කිරීමට මැදිහත්වීමට හේතුව වී තිබුණේ ආර්ජෙන්ටිනා කණ්ඩායමේ එමිලියානෝ බුවෙන්ඩියා, එමිලියානෝ මාර්ටිනෙස්, ජියෝවානි ලෝ සෙල්සෝ සහ ක්‍රිස්ටියාන් රොමෙරෝ යන ක්‍රීඩකයින් බ්‍රසීලයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලින් බැහැරව තරඟ කිරීමයි.

එම නීති රීතිවලට අනුව දකුණු බ්‍රිතාන්‍යයේ සිට බ්‍රසීලයට පැමිණෙන විට එරට තුල දින 14 ක කාලයක් නිරෝධායනය විම අනිවාර්ය විය යුතුය.නමුත් ඉහත ක්‍රීඩකයින් ආර්ජෙන්ටිනාවේ සිට පැමිණෙන බව හඟවමින් එංගලන්තයේ තරග කරමින් සිට පැමිණ ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරීම මේ ක්‍රීඩකයින්ට එල්ල වූ චෝදනාව වන අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.

එසේම මේ අත්හැර දැමූ තරගය නැවත නම් කරන ලද දිනයක පැවත්වීමට ද දෙරටට පාපන්දු සම්මේලනය නියෝග කර ඇත. තරගය අතහැර දැමීම නිසා බ්‍රසීල සහ ආර්ජන්ටිනා පාපන්දු සංගම් දෙකටම පවුම් 40,000 ක දඩයක් පනවා තිබේ. ඊට අමතරව බ්‍රසීලයට පවුම් 4.00.000 ක දඩයක් නියම කර ඇත්තේ තරග සංවිධානයේ දි සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් දැක් වූ සැළකිල්ල ප්‍රමානවත් නොවන බව පවසමින්ය.තරගය සඳහා නියමිත පරිදි පූර්ව සූදනමකින් තොරව සහභාගී වීමට පැමිණීම සම්බන්ධයෙන් ආර්ජෙන්ටිනාවට පනවා ඇති දඩය පවුම් 1,60 000 කි.

කෙසේ නමුත් මේ දඩ මුදල් වියම කිරීම සම්බන්ධයෙන් දෙරටම සිය නොසතුට පළකර තිබෙන අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට කරුණු දක්වනු ඇතැයි විශ්වාස කෙරේ.ඡායාරූපයේ සිටින්නේ තරග තහනමකට ලක් වූ ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින් සිව් දෙනාට අයත් වන දැල රකින ක්‍රීඩක එමිලියානෝ මාර්ටිනෙස් ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan