දකුණු මුහුද වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව ගැන බලධාරීන් නිහඬ ඇයි?

Date:

ගාල්ල වරායේ ස්ථාපිතව තිබෙන දකුණු මුහුදු වෙරළ වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිව යුතු ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අතර එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සඳහා දේශපාලන සහය ලැබෙමින් තිබෙන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

එහි සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ පවසන්නේ එම කර්මාන්ත ශාලාවට එරෙහිව පියවර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය නීතිපති උපදෙස් පතා ඇති නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබීමට තව වසර කීයක් ගත වනු ඇත්ද යන්න මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසීමට සිදුවන බවයි.

ටින් මාළු නිෂ්පාදනය සඳහා එම කර්මාන්ත ශාලාවට ගෙන එන මාළුන්ගේ අපද්‍රව්‍ය කිසිදු පිරිපහදුවකින් තොරව මුහුදට නිදහස් කරන බව උන්වහන්සේ ප්‍රකාශ කරයි.

ඒ අනුව දිනකට අපවිත්‍ර ජල ලීටර එක්ලක්ෂ පනස්දාහක පමණ දිනකට මුහුදට නිදහස් කරන බවයි උන්වහන්සේ කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...