දකුණු මුහුද වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව ගැන බලධාරීන් නිහඬ ඇයි?

Date:

ගාල්ල වරායේ ස්ථාපිතව තිබෙන දකුණු මුහුදු වෙරළ වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිව යුතු ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අතර එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සඳහා දේශපාලන සහය ලැබෙමින් තිබෙන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

එහි සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ පවසන්නේ එම කර්මාන්ත ශාලාවට එරෙහිව පියවර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය නීතිපති උපදෙස් පතා ඇති නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබීමට තව වසර කීයක් ගත වනු ඇත්ද යන්න මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසීමට සිදුවන බවයි.

ටින් මාළු නිෂ්පාදනය සඳහා එම කර්මාන්ත ශාලාවට ගෙන එන මාළුන්ගේ අපද්‍රව්‍ය කිසිදු පිරිපහදුවකින් තොරව මුහුදට නිදහස් කරන බව උන්වහන්සේ ප්‍රකාශ කරයි.

ඒ අනුව දිනකට අපවිත්‍ර ජල ලීටර එක්ලක්ෂ පනස්දාහක පමණ දිනකට මුහුදට නිදහස් කරන බවයි උන්වහන්සේ කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...