පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරය මෙහෙයවූ පුද්ගලයා ලෙස සැලකෙන සහරාන් හෂීම් නමැත්තාගේ බිරිඳගෙන් ඊයේ යළිත් ප්රශ්න කර තිබෙනවා. සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා පැය 05 ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කටඋත්තර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඇය මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ප්රධානියා වන මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිළධාරීන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
UN