IMF වාර්තාව ගැන රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි! (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළඹෙන සතියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කර තිබේ.

එම විවාදය පක්ෂග්‍රාහී විය යුතු නැති අතර වාර්තාවේ යෝජනා කර තිබෙන දේ ගැන සාකච්ජා කළ යුතුව ඇති බවත් ඒ මඟින් මූලික ප්‍රතිපත්ති ගැන පොදු එකඟතාවකට පැමිණීමට උත්සහ කළ යුතු බවයි වික්‍රමසිංහ මහතා කියාසිටින්නේ.

එවැනි එකඟතාවකට පැමිණිය යුතු අතර රටේ එකම සම්පත වන්නේ තරුණ පරපුර වෙනුවෙන් එය කළ යුතුව ඇති බව හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම තවදුරටත් ආර්ථිකය පිරිහෙමින් තිබෙන අතර ඩොලර් හිඟය ද විසඳා නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට ඩොලර් වටිනාකම රු. 250ට පැමිණ තිබෙන අතර එය 275ක් දක්වා ඉහළ යන අතර එම සීමාවෙන් නතර කර නොගත හොත් වසර අවසාන වීමට පෙර 300 සීමාවටම යන බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

”දිළිඳු ජනගහනය ලක්ෂ 05කින් වැඩිවෙලා තියෙනවා. මධ්‍යම පන්තිය කඩා වැටිලා අමාරුවෙන් ජීවත් වෙන්නේ. ජුනි,ජුලි වෙද්දී නැවත ණය ගෙවන්න තියෙනවා. මේ වසර තුළ ඩොලර් බිලියන 06ක් ණය ගෙවන්න වෙලා තියෙනවා.” යනුවෙන්ද වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...