ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ්, හොඳ වෙලාවට දැක්මක් තියන ආණ්ඩුවක් තිබුණෙ – ප්‍රසන්න රණතුංග

Date:

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ විවිධ අර්ථකථන සිදු කළද අර්බුදයට එකම හේතුව කොවිඩ් වසංගතය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කොවිඩ් වසංගතය නොතිබුණේ නම් මේ වනවිට රටටම සෞභාග්‍යය උදා වී අවසන් බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

මේ තරමින් හෝ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට හැකි වූයේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව නිවැරදි තීන්දු තීරණ ගැනීම නිසා බවත්, වත්මන් ආර්ථික අර්බුදය ජයගත හැකි දැක්මක් සහ වැඩපිළිවෙලක් වත්මන් ආණ්ඩුව සතු බවත් රණතුංග මහතා සඳහන් කරනවා.

ආර්ථිකය කඩා වැටී ඇති බව පවසමින් ආණ්ඩුවට චෝදනා කරන කිසිදු පාර්ශ්වයක්, ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙල පිළිබඳව කිසිදු අගය කිරීමක් සිදු නොකරන බවද ඇමතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...