රේගුවත් අකුරට වැඩ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 16 කොළඹ (LNW): ඊයේ (15 දා) උදෑසන 09.00 සිට , ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් රේගු නිලධාරීන් ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ,

ඒ බව බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව සහ රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති කේ. කුමානායක යන අය පවසති.

එම ඉල්ලීම් අතර, 2020 පෙබරවාරි මස 13 වැනිදා සිට නැවතී ඇති සිය උසස්වීම් පරිපාටිය නැවත ක්‍රියාත්මක කිරීම, දැනට 50%ක් ව පවතින රේගු නිලධාරීන්ගේ හිඟය පියවීමට කඩිනම් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම, අනීතිකව බඳවා ගෙන ඇති ‘සංවර්ධන නිලධාරීන්’ 13 දෙනා වහාම ඉවත් කර ඔවුන් මීට පෙර සේවය කළ දෙපාර්තමේන්තු වෙත යොමු කිරීම, දැනට අකාර්යක්ෂම ලෙස කටයුතු කරන මානව සම්පත් අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ජනක ගුණවර්ධන මහතා එම කටයුතුවලින් ඉවත් කිරීම සහ රේගු නිලධාරීන්ගේ අතිකාල සහ ත්‍යාග මුදල් ගෙවීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් යටතේ පවතින ‘විශේෂ’ ගිණුම, මුදල් අමාත්‍යාංශය යටතේ පවතින මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීමට එරෙහි වීම ආදී කරුණු ඇතුළත් ය.

නමුත්, වෘත්තීය ක්‍රියාමාර්ගය පැවතියත් වරායන්හි ආනයන – අපනයන කටයුතු, අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ඖෂධ නිශ්කාශනය, කටුනායක ගුවන්තොටුපළ ඇතුළු ගුවන්තොටුපළ මගී නිශ්කාශන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑමට ක්‍රියා කරන බව වෘත්තීය සමිති සඳහන් කරන අතර, කටුනායක ගුවන්තොටුපළ මගී නිශ්කාශන කටයුතු සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය බලපෑමක් ඇති කර නොමැති බව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව කටුනායක ගුවන්තොටුපළ රේගුව සහ රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි!

කොළඹ LNW: කොළඹ විජේරාම නිල නිවසින් ඉවත්ව කාල්ටන් නිවසට...

මම පොඩි කාලෙ ඉඳන් බිස්නස් කළා. ඔය කෝටි 27.5ක වත්කම් මගේ අවුරුදු 28ක මහන්සිය – ඇමති වසන්ත සමරසිංහ

තමන්ගේ වත්කම් - බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල්...

NPP,JVP එරෙහි බලවේගයක් හදන්න නම් විපක්ෂයට එකතු වෙන්නම වෙනවා – තිස්ස

කොළඹ LNW: මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට...

ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරියෙන් සිටි පතායා තරගාවලිය අතර තුර පටාමා සහ රොහාන් අතර හමුවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: තායිලන්තයේ පතායා හී පැවති ලොව නන්...