*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රගර් ක්‍රීඩාවක් නොකොට සෙල්ලමක්ම කරන පරිපාලන හැසිරීම

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 16 කොළඹ (LNW): ශ්‍රී ලංකා රගර් යනු මීට වසරකට පමණ පෙර දේශපාලනඥයන්ටත් අසාධාරණය ඉදිරියේ ආසියාවටත් නොනැමුණු පෞරුෂයක් සහිත ක්‍රිඩා පරිපාලනයක්ය.මේ වන විට එහි වැඩ බලන සභාපති තනතුරට පත් කර ගත් නියෝජ්‍ය සභාපතිවරයා,මේ වන විට ඒ තත්ත්වය ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍යය පරිදි සකසා ගත හැකි ක්ලේ ගුලියක් බවට පත් කරගෙන ඇත.


හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් ඉවත්වීමේදී ඔහු වැඩි එකඟතාවයක් දක්වන බව පෙණුන නිසා නියෝජ්‍ය සභාපතිවරයා ලෙස සිටි නලින් ද සිල්වා වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට එකඟ වූ බව විධායක කමිටු සාමාජිකයෙක් අපට පවසා ඇත.එය මීට ඉහත ද අප සඳහන් කර ඇත.


එහෙත් මේ වන විට ‘වැඩ බැලීම’ කියන වචනයෙන් මිදී සභාපති ලෙසම අත්සන තබන්නට ඉදිරිපත් වන නලීන් හරහා,රිස්ලි ඉල්ලියාස්ගේ සෘජු තීන්දු තීරණ ගත් පාලනයට විරුද්ධ වූ අය,ඉල්ලියාස්ගේ පාලනයේ සිටියේ වගකීමක් දැරිය නොහැකි පිරිසක් බව ප්‍රදර්ශනය කරන්නට නලීන් ද සිල්වා ව රූකඩයක් සේ නටවමින් සිටින බව පෙනෙන්නට ඇත.එහි ඛේදණියම කාරණය වන්නේ තමන් කාගේ අත හෝ පැටලී ඇති නූල් සූත්තරවල රූකඩයක් බව වැඩ බලන සභාපතිවරයාට නොතේරීමය.


මේ වන විට ශ්‍රී ලංකා රගර් හී අනුමැතිය සහිතව ක්‍රියාත්මක වන බවට පළවෙන ප්‍රචාරක දැන්වීමක,ශ්‍රී ලංකා රගර් පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශයද අවසර දුන් ටච් රගර් තරගාවලියක් ගැන කියැවෙයි.එහි එක් තැනෙක Rugby යන්න සඳහන් වන්නේ Rubgy ලෙස ය.එසේම 2018 දී ශ්‍රී ලංකා රග්බි ෆුට්බෝල් යුනියන් (SLRFU) ලෙස භාවිතා කිරීම නවතා දැමීමට කටයුතු කර ශ්‍රී ලංකා රග්බි ලෙස භාවිතා කරන්නට තීරණය වී ඇත.එහෙත් එම ප්‍රචාරන දැන්වීමේ යෙදී ඇත්තේ SLRFU යනුවෙන් ය.


එහි වරද තරග සංවිධායක මතම නොව, අවසරය ලබා දුන් ශ්‍රී ලංකා රග්බි එම ප්‍රචාරක කටයුතු අධික්ෂණය නොකිරීමය.ක්‍රීඩා අමාත්‍යංශයටද මෙහිදී වගකීමක් ඇති අතර ඔවුන් එම අනුමැතිය සහ අවසරය දෙන්නේ ශ්‍රී ලංකා රග්බි හරහා නම් වැරදි තොරතුරු සහිත දැන්වීමක් ප්‍රචාරය වන්නේ නම් එහි වගකීම ද දරන්නට වන්නේ ශ්‍රී ලංකා රග්බි වෙතමය.


මෙහිදී ශ්‍රී ලංකා රග්බි ලේකම්වරයා වන්නේ රටේ ජනාධිපතිවරයාට බැදුණු සමිප සහ වගකිම් සහගත කාර්යභාරයක හිමිකරුය.ඔහුගේ අවිවේකීත්වය ද නලීන් ද සිල්වා ට අවශ්‍යය පරිදි පහසුවෙන් පිටිය හැසිරවීමට පහසුකම් සළස්වා දී ඇත.ක්‍රීඩාවේ උන්නතිය සහ ආකර්ශණයත් ප්‍රචාරය සහ ව්‍යාප්තියත් වෙනුවෙන් නව තරගාවලි සහ තරග රටාවන් හඳුන්වා දීමට පිරිස් ඉදිරිපත් වීම අගය කළ යුතුය.නමුත් ඒ සඳහා අවසරය දීමේදී සහ ඉනික්බිතිව සිය අනුමැතිය යටතේ කෙරෙන රගර් ක්‍රියාදාමයන් පරික්ෂාවට ලක් නොකිරීම යනු ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් පැවරී ඇති වගකීම ඉටු නොකිරීමය.කුමන අන්දමේ හෝ වැඩ ක්‍රියාවලියකට අවසර දීමට සහ එය රසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමට ජාතික වගකීමක් ඇති ක්‍රීඩා පරිපාලනයකට හැකියාව නැත.එහි සෑම වැඩක්ම අකුරක සිට වගකීමට සහ අධීක්ෂණයට යටත් විය යුතුය.
නමුත් දැන් ශ්‍රී ලංකා රගර් යනු වැඩ බලන කෑල්ල ගලවා දමා සභාපති ලෙස හසුවන හැම තැනකම අත්සන තබා යාම විනෝදාංශයක් කරගත් පුද්ගලයෙක්ගේ සෙල්ලමක් වී ඇති බව පෙනේ.එහෙත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රගර් හී සෙසු නිල ද ඔහුට එරෙහිව ක්‍රියා මාර්ගයක් නොගැනීම ගැන වගකිව යුතුය.එසේ වගකීමෙන් යුතුව ඔහුගේ විනෝදාංශය පාලනය කළ නොහැකිනම් රටට ලෝකයට දැනෙන්නට විරෝධය ප්‍රකාශ කර ඉල්ලා අස් වී නව නිලවරණයකට හෝ යා යුතුය.රටේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල වගකීමක් ඇති ශ්‍රී ලංකා රගර් ලෙක්ම්වරයාට කාර්ය බහුල තත්ත්වය නිසා නොදැන සිටින බව කීම පිළිතුරක් නොවේය.එය ජනාධිපතිවරයා ට ද හොඳ නැති,වගකීමක් නැති ප්‍රකාශයක් විය හැකිය.ජනාධිපතිවරයාගේ පෞද්ගලික දේශපාලනයට අදාළ වන සළකුණ වන අලියාම යොදාගෙන සිටින රගර් හී වත්මන් තත්ත්වය අනුවනම් අලියා කුලප්පු වී වගකීමක් නැතුව හැසිරෙන බව ලේකම්වරයාට දැනෙන්නට ඇවසිය.එසේ දැනී හෙණ්ඩුව අතට නොගත්තොත් රගර් අලියා ජනාධිපතිවරයාගේ අලියාගේ නමටත් හොඳ නැති වන අන්දමේ සෙල්ලම් පාන බව අපි මතක් කර සිටිනු කැමත්තෙමු.


රගර් ක්‍රීඩාවේ උන්නතියට සහ ව්‍යාප්තියට බලපාන පරිදි ගනු ලබන තීරණවලටත්,සංවිධානය කරන වැඩ සටහන් වෙතත් අපි ආශිර්වාද කරමු.එහෙත් ඒවා ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ පරිපාලනමය ව්‍යහුයේ අපිළිවෙල,වගකීමක් නැති කම,ව්‍යස්ථාපිතව වැරදිවීම ආදි නොපිළිගත හැකි කාරණා මත සිඳු නොවිය යුතුය.අප මේ සටහනට පදනම කර ගත් ශ්‍රී ලංකා රගර් අධීක්ෂණයක් නොමැතිවීමෙන් ප්‍රචාරය වන වැරදි දැන්වීම ද මේ සමඟ ප්‍රදර්ශනය කරන්නේ ශ්‍රී ලංකා රග්බි යනු මේ මොහොතේ ක්‍රීඩාවක් වැනි විද්‍යාත්මක පදනමක් සහිත වචනයකින් නිර්වචනය නොකර “සෙල්ලමක් පමණක්” වී තිබෙන බව කියන්නට ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan