ඉම්රාන් ඛාන්ගෙන් යෝජනාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති අපේක්ෂකයා ලෙස ඉම්රාන් ඛාන් ඕමාර් අයුබ් ඛාන්ගේ නම යෝජනා කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතියේ දී පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැති අතර, මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ට පක්ෂ පාත ස්වාධීන කණ්ඩායම් ආසන 93ක්,  නවාස් ෂරීෆ් ආසන 75ක් හා බිලාවල් බූතෝ ආසන 54ක් ජයග්‍රහණය කිරීමට සමත්විය.

රජයක් පිහිටුවීම සදහා නවාස් ෂරීෆ් හා බිලාවල් බූතෝ ගිවිසුම් ගත වු අතර ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා ලෙස ෂෙබාෂ් ෂරීෆ් නම් කෙරුණු අතර, පාර්ශව දෙකම රජයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කළ ද කිසිදු පාර්ශවයක් මේ වන තෙක් බහුතර බලයක් පෙන්වා නොමැත.

පෙබරවාරි 29 වන දින වන විට රජයක් පිහිටුවා අග්‍රාමාත්‍යවරයෙකු නම් කිරීමට පාර්ලිමේන්තුවට තේරීපත් වු පක්ෂවලට සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රයිඩ් උණුසුම් කරන හේන්ස් සහ බයිල්ස්

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: මේ ප්‍රයිඩ් මාසය සංක්‍රාන්ත්‍රික...

මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය යතාතත්වයට!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : මේ වනවිට, උඩරට...

නව කොවිඩ් ප්‍රභේදයේ පැතිරීම සහ දැනට වාර්තා වී ඇති මරණ ගැන දැනුම් දීමක්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට රට පුරා පැතිර යන...