අපේ ස්ථාවරයේ වෙනසක් නෑ. මිල්කෝ, NLDB ගොවිපලවල් අමුල් සමාගමට දෙන්න බෑ – ජාජබ නාමල්

Date:

පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපලවල් සහ මිල්කෝ සමාගම ඉන්දීය අමුල් සමාගමට විකිණීමට ඉඩ දිය නොහැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න මහතා පවසයි.

“මේ සටන ආරම්භ කරනකොට අපි හිටපු ස්ථාවරයක් තියෙනවා, ඒ ස්ථාවරයේ කිසිම වෙනසක් වෙලා නෑ. අපේ ස්ථාවරය තමයි අපේ රටේ මේ දේශීය සම්පත් ටික වෙනත් සමාගම්වලට විකුණන්න දෙන්න බෑ. ඕනෙම සමාගමක, ඕනෙම කර්මාන්තයක තාක්ෂණය, දැනුම, අත්දැකීම් අපට ගන්න පුළුවන්, ඒකෙ ගැටලුවක් නෑ. හැබැයි මෙහෙමයි කියලා තුට්ටු දෙකට දෙක පහට මේවා විකුණන්න දෙන්න බෑ. ඉන්දියාවට ගිහිල්ලත් අපේ කණ්ඩායම ප්‍රශ්න කරපු දේ තමයි මේක කොයි විදියටද සිද්ධ වෙන්නෙ කියන කාරණය. එතනදී පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා මේ යන ගනුදෙනුවට අපි කැමති නෑ කියලා. ගනුදෙනුවක් කරනකොට ඊට අදාළව යන ප්‍රොසීඩියර් එකක් තියෙනවා, පිළිවෙතක් තියෙනවා. අඩුගාණෙ ඒ පිළිවෙතවත් මේකෙ අනුගමනය කරලා නෑ. එහෙම කරලා ආවොත් ඒකට පක්ෂයි කියන එක මේකෙන් කිසිසේත්ම ගම්‍ය වෙන්නෙ නෑ”

ඒ මහතා මේ බව පැවසුවේ “දේශීය කිරි කර්මාන්තය හා ගොවිබිම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය” විසින් අද (16) කුරුණෑගලදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...