ජනපති අනුරගේ මංගල අයවැය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 වසර සඳහා වන අයවැය ලේඛනය අද (පෙබරවාරි 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පෙරවරු 10.30 ට අයවැය කතාව පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත ය.

අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන මංගල අයවැය මෙයයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වනදා සිට 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 06.00ට පැවැත්වීමට නියමිත ය.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 6ට පැවැත්වෙනු ඇත.

මෙවර අයවැයෙන් විශාල වශයෙන් සහන ලැබෙනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් පසුවෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...