ජනපති අනුරගේ මංගල අයවැය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 වසර සඳහා වන අයවැය ලේඛනය අද (පෙබරවාරි 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පෙරවරු 10.30 ට අයවැය කතාව පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත ය.

අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන මංගල අයවැය මෙයයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වනදා සිට 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 06.00ට පැවැත්වීමට නියමිත ය.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 6ට පැවැත්වෙනු ඇත.

මෙවර අයවැයෙන් විශාල වශයෙන් සහන ලැබෙනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් පසුවෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...