ආර්ථිකය යහපත්වනු ඇති බවට වන මහජන විශ්වාසයේ වැඩිවීමක්!

Date:

කොළඹ LNW:ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී විසින් අඛණ්ඩව සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව ඉදිරි ආර්ථිකය යහපත්වනු ඇති බවට වන ජනතා විශ්වාසය වැඩි වී තිබෙන බව පෙන්වා දී තිබේ.

ඒ අනුව ජනවාරි මාසයට අදාළව සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 58%ක් එම විශ්වාසය ප්‍රකාශ කර තිබෙන අතර ජනාධිපතිවරණයට පෙර එම විශ්වාසය තිබී ඇත්තේ 8%ක් වැනි පහළ මට්ටමකය.

එල්.එම්.ඩී සඟරාව විසින් පසුගිය දෙසැම්බරයේ කළ සමීක්ෂණයට අනුව ආර්ථිකය යහපත්වනු ඇති බවට පලකර තිබුණු විශ්වාසය 41%ක මට්ටමක පැවතුණි.

දෙසැම්බරයේ සිට ජනවාරි මාසය වන විට කැපී පෙනෙන ලෙස රජය සම්බන්ධයෙන් වන විශ්වාසයේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර අද දින ඉදිරිපත්කරන 2025 අයවැය වාර්තාව අනුව ද රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයන් මහජන මතය ප්‍රකාශයට පත්වෙනු ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝගීන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාමත ප්‍රංශයේ නිර්වින්දන වෛද්‍යවරයකු අත්අඩංගුවට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශකයකට...

සංචාරක කර්මාන්තය වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් සූදානම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංචරක කර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් වැඩපිළිවෙල...

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...