රනිල් හදපු අයවැයක් අනුර කියෙව්වා – නාමල්

Date:

කොළඹ LNW:2025 අයවැය ගැන ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් හදපු අයවැයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියවීමක් වැනි හැඟීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අයවැය ගැන පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් අද දින ඉදිරිපත් කළ අයවැය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති හා සමාන බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

”බොහොම හොඳයි.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදපු අයවැයක් අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියෙව්වා වගේ හැගීමක් තමයි මට නම් ආවේ. මොකද අයවැය රනිල් වික්‍රසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති හා සමානයි. රජයේ සේවක වැටුපත් මාස 06න් 06ට වැඩිකරයි කියල බලාපොරොත්තු වෙනවා. එහෙමනේ පොරොන්දු වුණේ. දැන් ඉතින් අවුරුදු තුනකට තුන් පාරකට වැඩිවෙන්න හදල තියෙනවා. ඒකත් හොඳ දෙයක්. මුකුත් නැති එකේ හොඳක් වෙනවා නම් හොඳයි.” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...