පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානම – ඩී.ලාල්කාන්ත

Date:

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසන්නේ පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින බවයි.

දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් ඒ පිළිබඳ පැහැදිලි කරන කේ.ඩී ලාල්කාන්ත මහතා,

“ආණ්ඩුවට දිගටම ඕනෑකම තිබ්බා මේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඉන්න. රනිල් වික්‍රමසිංහගේ න්‍යායපත්‍රයේ තියෙන්නේ පළාත් පාලන ඡන්ද මහමැතිවරණ තියන්න නෙමෙයි. ජනාධිපතිවරණයක් තියන්න. අපේ ව්‍යවස්ථාවට අනුව මේ එළැඹෙන නොවැම්බර් 19 වනදායින් පස්සේ ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුදු 5යි කියලනේ. නමුත් පළවෙනි වරට ජනාධිපති වෙන කෙනෙකුට පුළුවන් දෙවෙනි පාරටත් එයාම ඡන්දය ඉල්ලනවානම් අපේක්ෂකයා විදියට අවුරුදු 4න් පස්සේ ඡන්දය තියන්න පුළුවන්. 5ක් යන්න ඕනේ නෑ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...