යෝගානන්ද විජේසුන්දර කියන්නෙ ලංකාවෙ ක්‍රීඩා විද්‍යාව ගැන පරිපූර්ණ කියවීමක් එක්ක වැඩ කරපු සොඳුරු මනුස්සෙක්.ජාතික ක්‍රීඩා විද්‍යායතනයෙ පළමු ප්‍රධානියා වන ඔහු,වරක් ක්‍රිකට් ආයතනයෙන් වැඩ සටහනකට කැඳවනවා.ශරීර යෝග්‍යතාවය සම්බන්ධයෙන්.එස්.බී.දිසානායක සමයෙ තමයි මේ සිඳුවීම වෙන්නෙ.
යෝගානන්දයන් එහිදී ප්‍රශ්නයක් අහනවා.ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයො සහ පරිපාලකයො සියල්ල නිරුත්තර වෙනවා.ප්‍රශ්නය තමයි එක එක ක්‍රීඩකයාට යාර 22 ක දුර දුවන්න පුළුවන් හොඳම කාලය.ඒ කියන්නෙ මීටර් 20.12 ක්.කිසිවෙක් එය දැනගෙන හිටියෙ නැහැ.ලකුණු ලබා ගන්නකොට ක්‍රීඩකයෙක්ට මේ යාර 22 දුවන්න පුළුවන් වේගය ගැන අවබෝධයක් තියෙන එක නේද කියන එකත්,එම වේගය වැඩි කරගැනීමේ වැදගත්කමත් ඔහු එහිදී කියනවා.
මේක එතනින් පස්සෙ අවධානය යොමු කරලා කරා ද දන්නෙ නැහැ.හැබැයි දැන් ශරීරයේ මේදයෙ ඉදලා,වේගය,දරාගැනීම ගැන ලොකු විද්‍යාත්මක පදනමක් ක්‍රිකට්වලදි තියෙන්න ඕනි කියලා පදනමක් හදලා තියෙනවා.කොච්චර පෞද්ගලික දක්ෂතාවයක් තිබුණත් ඒ හැඩේ සහ ගුණේ නැති ශරීරවලට ක්‍රිකට් ගහන්න පුළුවන් වුණාට ශ්‍රි ලංකාව නියෝජනය කරන්න බැහැ.සමහර විට මීට දශක තුනකට එහා පැත්තට ගිහින් ක්‍රිකට් ගැන හිතුවොත් මේ තියෙන පදනම මත දුලිප් මෙණ්ඩිස්,අර්ජුණ රණතුංග වගෙ කෙනෙක්ට සමහර විට ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ වතුර අඳින්නවත් අවස්ථාවක් නොලැබෙන්න තිබුණා.අර්ජුණ අවුරුදු 18 විතර කාලෙත් යම් රවුම් හැඩයක ශරිරයක් තිබුණ කෙනෙක්.ඒ කාලෙ තමයි ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් අර්ජුන ගැන අනාවැකිය කියන්නෙ.
මෙතනින් අදහස් වෙන්නෙ නැහැ ශාරිරික යෝග්‍යතාවය අනවශ්‍යය දෙයක් කියලා.ඒත් සුවිශේෂතා සඳහා ඇති ඉඩ සැළකිල්ලට ගත යුතු වෙනවා.සමහර විට ඒකට වයස,ස්වභාවික පෙණුම වගේ දේවල් සළකන්න වෙයි.උදාහරණයකට අර්ජුණ පෙණුමෙන් මනින්න බැහැ.ඔහු කණ්ඩායමේ හිටිය කඩුලු අතර වේගයෙන්ම දුවන්න පුළුවන් කෙනෙක්.වර්තමානයේ මේවා බොහොම සැර නීති විදිහට ගේන්නෙ අර්ජුනගෙ ගෝලයො හැටියට තමන්ව හඳුන්වාගන්න ඔහු සමඟ ක්‍රීඩා කරපු අයමයි.සමහර විට මේක රගර් ඇඟවල් කියලා ව්‍යවහාරයේ කියන හෝ කායවර්ධනාගාරයක ව්‍යායාමවලින් හදාගන්න සිරුරු වගේ එක හැඩයකට කණ්ඩායමේ ශරීර ටික දිහා බලන්න කාට හරි තියෙන ආශාවක් සංතර්පනය කරනවා වෙන්නත් පුළුවන්.
නමුත් මේ වන විට ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන 20/20 තරගවල ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නෙ ඒ ක්‍රීඩාංගණවල ස්වරූපයට දිග හයේ පහරවලට යන්න පුළුවන් අය කණ්ඩායමේ පිතිකරුවන් අතර නැහැ කියන එක වගේම නිලකුණු පන්දු වැඩි වීමයි.තවත් දන්න සිංහලෙන් පැහැදිළි කළොත් අධික ඩොට් බෝල් ප්‍රමානයක් එකතු වීම.ඒ අතර කෙටි ලකුණු ලබන්නට පන්දුව ස්ථානගත කිරීමේ දුර්වලතාවය වගේම තමන්ට සිය සීමාවට පිවිසෙන්නට අවශ්‍යය වේගය තිබේද යන්නත් ක්‍රීඩකයින් තුළ නොමැති විශ්වාසය බලපානවා.ඔවුන් යාර 22 එකිනෙකා දුවන වේගය ගැන අවබෝධයක් නැති ආකාරයෙන් හැසිරෙන බවක් දකින්නට ලැබුණම මීට දශක දෙකකට පමණ ඉස්සර යෝගානන්දයන් කිව්ව කතාව මතක් වුණා.
වචනයට කියන විටත් “ෆිට්” කෙල්ලො ටිකක් සෙට් වෙනවනම් මරු කියන එක හැම තැනකටම අදාළයි.හැබැයි ෆිට් එක කියන වචනය සාපේක්ෂයි.ක්‍රීඩාවක් ගත්තම එහි ස්වභාවයට සාපේක්ෂව තමයි සෙට් එකේ ෆිට් එක හැදෙන්නෙ.
පහුගිය කාලේ සමාජයේ පැතිරෙච්චි කතාවක් තමයි “මිටිනම් කම්කරු උසනම් සිකුරටි” කියන කතාව.ඒක දේශපාලනමය වශයෙන් විහිළුවක් හැටියට ගත්තත් සිකුරටි කියන වෘත්තීයට නිශ්චිත උසක් තියෙනවා.කම්කරුවාට එහෙ මිණුම්ක් නැහැ.හිනා වුණාට පොළවෙ හැටි එහෙමයි.කියපු හැටි,සංදර්භය ගැන විවේචන,අපහාස,උපහාස තිබුණට ඒ කතාවෙ ඒ හැටි වැරද්දක් නැහැ.ඒකට හිනාවෙන කවුරුත් ක්‍රිකට් කණ්ඩායමේ ෆිට්නස්වලදි ඕනෑම පිට්ටනියක හතරෙ සීමවෙන් එළියට ගහන්න පුළුවන් එකෙක් කණ්ඩායමෙන් එළියේ තැබීම ගැන හෝ යාර 22 ෂුටුස් ගාලා දුවල කෙටි ලකුණු ලබා ගෙන ඩොට් බෝල අඩු කරන්න කණ්ඩායමට නොහැකිවීමේ “සෙට් නොවන” කෑල්ල අවධානයට ගන්නෙ නැහැ.
“යෝගානන්දයන්ගේ කතාව මීට පෙර එක් අවස්ථාවක තැනක කිව්වම ඔහු ක්‍රිකට් කොච්චර දුරට කරලා තියෙනවද කියලා අහපු මිත්‍රයෙක් හිටියා.ක්‍රිකට් නෙමෙයි ඒ ක්‍රීඩාවේ හැඩයේ මුල් සංකල්ප මත ගොඩ නැඟෙන්න ඕනි නිසා තමයි ක්‍රීඩකයන්ව දුවවන්නෙ.මේ දැනට කරන ශරීර යෝග්‍යතාවය කරන පරීක්ෂණය අදාළත් නැහැ ඒ මිත්‍රයාගේ අදහස අනුව.පන්දු යවන හැටි,පිතිකරණය සහ පන්දු රකින හැටි බලලා කණ්ඩායමට ඇතුළත් කරන්න පුළුවන්.
නමුත් කෙතරම් වේගවත්ද,කෙතරම් දරා ගැනීමක් තිබෙනවද?සිරුර නමණිය ද?ප්‍රතිකීයක වේගය කෙතරම්ද ?
මේ සියල්ල පදනම් කරගෙන තමයි කණ්ඩායමට ක්‍රීඩකයෙක් සුදුසුයි කියා කියන්නෙ.දැනට කෙරෙන යෝග්‍යතා පරීක්ෂණයත් එහෙම එකක්.ඒත් එහිදී ක්‍රිකට්මය සුවිශේෂතා සැළකිල්ලට ගත යුතුව තිබෙනවා.ශරීරය මානසික වදයක් බවට පත් කරගන්නෙ නැතුව යම් යම් අයගේ විශේෂතාවයන් ඔවුන්ගේ ස්වභාවය සැළකිල්ලට ගෙන රැක ැගනීමට මාර්ග සෙවිමයි වැදගත්.ඒක හරියට මුරලිගේ හෝ මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව් වෙනස් කරන්න ගියානම් ඔවුන් විනාශ බවට අප ගොඩ නඟන තර්කයටම සමානයි.ඒ ඔවුන්ගේ ස්වභාවිකත්වය.
ඒ නිසා තර්කයක් විදිහට මේ මොහොතේ ඩොට් බෝල කියන ප්‍රශ්නයට ශාරිරිකව සහ මානසිකව තියෙන්නෙ යෝගානන්ද විජේසුන්දරයන් කියපු කතාව ගැන සැළකිල්ලෙන් සිතීමයි.යාර 22 දුවන වේගය.ඒක වැඩි කර ගැනීම ක්‍රිකට්වලට වැදගත් ඊට අනන්‍ය කරුණක්.එකිනෙකාට මේ සම්බන්ධයෙන් ඇති ශක්‍යතාවයන් අන් අය දැන සිටීමත් වැදගත්.ඒ අන්‍යෝන්‍ය අවබෝධය එකිනෙකා සම්බන්ධයෙන් දැන සිටීමත් ප්‍රායෝගික අවශ්‍යයතාවයකි.එසේ අන්‍යෝන්‍ය අවබෝධයකින් තොර වන විට එය වැටෙන්නේ අන්ධයාට කිරි කැවිමේ න්‍යායයටය.ඒ නිසා ගාගන්නෙ නැතුව වැඩ කිරීමට මේ මොහොතේ යෝග්‍යතාවය යන්න සාපේක්ෂ මිණුමක් බවට පත් කරන්නට අවශ්‍යය පරිසරය සැකසිය යුතුය.ක්‍රීඩා වෛද්‍ය ආයතනය මුල් කරගෙන,ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත පිළිබඳ අවබෝධයකින්,කෙනෙක්ගේ ස්වභාවික ස්වරූපය,වයස ආදී කරුණුද සැළකිල්ලට ගෙන මානසික දණ්ඩනයක් නොවන පරීක්ෂණයකට යෝග්‍යයතා පරීක්ෂණය පත් කිරීම අවශ්‍යය වේ.ඒවා ඉනික්බිති ක්‍රිකට්මය හැකියාවන් ද සැළකිල්ලට ගෙන සම්මිශ්‍රණය වූ වැඩ සටහනක් කර ගැනීමේ අභියෝගය තේරුම් ගත යුතුය.
රටකට අනන්‍ය සංස්කෘතිමය වටපිටාව තුළ පරිභෝජන රටාව ආදියද මෙහිදි අවධානය යොමු කළ යුතු කාරණාය.කන්නේ මොනවද,යන්නේ කොහෙද?ජීවිතය විඳින්නේ කෙසේද සහ ජීවත්වන්නේ කුමනාකාරයෙන්ද යන්නත් අතිශයින් මනුස්සයෙක්ගේ යෝග්‍යතාවය ගැන හිතද්දි අවධානයට යොමු කළ යුතුය.ලෝකයේ පවතින හොඳම ප්‍රතිපල දෙන මිණුම් දඬු මේ පොළවට ගෙඩි පිටින් අත හැර වැඩක් නැත.පොළවේ හැඩයට ඒවායෙ හොඳම ප්‍රතිපලය ගන්නා හැටියට මිණුම්වල දිග පළල වෙනස් කර ගත යුතුය.ලෝකයේ හොඳම දේ දෙන්න අපිට අපේ පොළවේ අනන්‍යතාවයන්ට අනුව ප්‍රතිපලය ලබාගන්නා ක්‍රියාවලියේ හැඩයේ දිග පළල වෙනස් කරගත යුතුව ඇත.
ක්‍රීඩකයෙක් කෑ යුත්තේ කෙසේද කියන එක වැදගත් තමයි.ඒත් කන්න තියෙන්නෙ මොනවද කියන එක හොයා බලා ඒ අනුව සිතන්න වෙන අවස්ථාවනුත් තියෙනවා.පුහුණුකරුවා හැම පැත්ත ගැනම අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනි ඒකයි.සමහර මල් අපේ ගෙදර ලස්සනට වැවුණා කියලා අපි කරන සාත්තුවෙ තරමම කරලා කොළඹ මේ විදිහට මල් හදන්න පුළුවන් ද? යෝගානන්දයන් පිළිමතලාවේ සිය නිවසේ දී ඒ කතාව කිවිවේ ඉතාම සුන්දර තමන්ගේ ගෙවත්ත ද උදාහරණයට ගනිමින්ය.
තැනට ඔබින ලෙස ඇණේ සකසා ගැනීම මිස ඇණය කෙසේ සකසා ගන්නේද යන්න වැදගත් නැත.එය සමාජ විරෝධි ක්‍රියාවක් නොවන ශිෂ්ඨසම්පන්න,නීති විරෝධි නොවන පසුබිමකින් සකස් විය යුතුය.
RM