ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගිය මාසයේ එම කෞතුකාගාරයේ තිබූ මිල කළ නොහැකි ආභරණ කිහිපයක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා පලාගොස් තිබූ පසුබිමක් තුළ, ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක් එක් කිරීමට එම කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව මිනිත්තු 04ක පමණ කාලයකදී එම කෞතුකාගාරයෙන් අදාල ආභරණ සොරකම් කර පලාගොස් තිබූ බවයි.

එම කොල්ලය සිදුවී ඇත්තේ කෞතුකාගාරයේ ආරක්ෂක පද්ධතියේ පැවති දෝෂ හේතුවෙන් බවට අනාවරණ වී ඇත.

ඒ අනුව ආරක්ෂිත කැමරා 100ක් කෞතුකාගාරයට එක් කිරිමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාල ආරක්ෂිත කැමරා ලබන වසර අවසන් වීමට පෙර සවි කරන බවට එම කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...