2022 වසරට අදාළ පාසල් පෙළපොත් නිසි ලෙස මුද්‍රණය වෙලත් නැහැ!

0
232

2022 වසරට අවශ්‍ය පෙළපොත් විධිමත් ලෙස මුද්‍රණය කර නොමැති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ එළඹෙන අප්‍රේල් 07 වැනිදායින් පසු තුන්වන වාරය අවසාන වන බැවින් නව පන්තිය සඳහා අවශ්‍ය පෙළපොත් කඩිනමින් දරුවන් වෙත ලබා දිය යුතු බවයි.

පෙළපොත් මුද්‍රණය සඳහා රු. මිලියන 4500කට වැඩි මුදලක් රජය වැය කරන අතර අයවැයෙන් මෙම මුදල වෙන්වන්නේ නියමිත කාලයට දරුවන්ට පෙළපොත් ලබාදීමට බව ඔහු කියා සිටියි.

නව පන්තිය සඳහා පෙළපොත් ලබා දීමට මාස තුනක පමණ කාලයක් ලැබී ඇති නමුත් දන්නා පරිදි අවශ්‍ය ප්‍රමාණයට මුද්‍රණය වී නැති බවද ඔහු කියා සිටියි.

රජයට පවතින මුදල් ප්‍රශ්නය දඩමීමා කරගෙන මෙවැනි ප්‍රශ්නයක් මතුව ඇත්නම් එය බරපතල කාරණයක් බවත් පසුගිය කාලය තුළත් සිදු වූයේ පෙළපොත් අඩුවෙන් මුද්‍රණය කර පසුව ග්‍රන්ථ ප්‍රකාශන ඒකකයෙන් පෙළපොත් අලෙවි කිරීම බව ස්ටාලින් මහතා පවසයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here