පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්වය නරක අතට

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වතිකානුව නවතම නිවේදනය ප්‍රක්ෂයට පත් කර තිබේ.

පසුගිය සිකුරුදා බ්‍රොන්කයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කළ පාප් වහන්සේගේ ශ්වසන අපහසුතා හේතුවෙන් ඔහුගේ ප්‍රතිකාරයේ වෙනසක් අවශ්‍ය හෙයින් නියමිත ප්‍රතිකාර සමඟ තව දුරටත් යම් කාලයක් රෝහල්ගතව රැඳී සිටීමට සිදුවනු ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ,

88 හැවිරිදි පාප් වහන්සේ යහපත් මනෝභාවයකින් සිටින අතර වතිකානුව ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා ඇත්තේ ඔහු ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙසයි.

පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස වසර 12 ක් පුරා කිහිප වතාවක්ම රෝහල් ගත කර ඇති අතර වයස අවුරුදු 21 දී ඔහුගේ පෙනහළු වලින් කොටසක් ඉවත් කිරීම ඇතුළු ඔහුගේ ජීවිත කාලය පුරාම සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...