පුද්ගලික අංශයේ සංවර්ධනය කෙරෙහි චීනයේ අවධානය!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(17) බෙයිජිංහි පැවති පෞද්ගලික ව්‍යවසායන් පිළිබඳ වැඩමුළුවකට එක් විය. පෞද්ගලික ව්‍යවසායක ප්‍රධානීන්ගේ අදහස් දැක්වීම්වලට සවන් දීමෙන් අනතුරුව ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු කළේය.

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමත් සමග පෞද්ගලික ව්‍යවසායන් ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.

පෞද්ගලික ආර්ථික සංවර්ධනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයයේ හා ජාතික මූලික ප්‍රතිපත්ති, චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී ක්‍රම පද්ධතියට එක් කර ඇති බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. එම ප්‍රතිපත්ති වෙනස් නොවන අතර අඛණ්ඩව එය ක්‍රියාවට නංවනු ඇත.

පෞද්ගලික ආර්ථික වර්ධනය වෙනුවෙන් විවිධ මට්ටමේ රජයන් අදාළ ප්‍රතිපත්ති දැඩි ලෙස අනුගමනය කරමින් පෞද්ගලික ව්‍යවසායන් හා ව්‍යාපාරිකයන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

රටේ සංවර්ධනය හා පොදු සමෘද්ධිය වෙනුවෙන් පෞද්ගලික ව්‍යවසායන් නීත්‍යනුකූලව සිය ව්‍යාපාර වර්ධනය කරමින් චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වඩාත් දායකත්වයන් ලබා දෙනු ඇතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කළේය.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...