රජයේ ප්‍රතිපත්ති තීරණ සුභාවාදීයි – අවදානම රජයේ සේවක වැටුප් වැඩිකිරීමයි!

කොළඹ LNW:රජය පුද්ගලික අංශය සමග ඒකාබද්ධව ආර්ථිකය ඉදිරියට යාමට ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීන්දුව පැසසුමට ලක් කරමින් ජාතික ජන බලවේගය විසින් ඊයේ (17) දින ඉදිරිපත් කරන ලද අයවැය සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සුභවාදී ප්‍රතිචාරයක් දක්වා තිබේ.

එය ඉතා නිවැරදි තීන්දුවක් බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර නව රේගු පනතක් ඉදිරිපත් කිරීම, පෞද්ගලික අංශය හා ඒකාබද්ධ වී අපනයන සංවර්ධන කලාප ස්ථාපිත කිරීම, කොළඹ වරායේ පර්යන්ත දෙකක් සංවර්ධනය කිරීම, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම යනාදී ලෙස ගෙන තිබෙන තීරණය සමබන්ධයෙන් ධනනාත් ප්‍රනාන්දු මහතා විශේෂ අවධානයක් යොමුකර ඇත.

අස්වැසුම සදහා රුපියල් බිලියන 232 ක මුදලක් වෙන් කිරීම මගින් සමාජ ආරක්ෂණය පිළිබදව රජයේ අවධානය ගැඹුරින් යොමු වී ඇති බව පෙනී යන බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් රජයේ සේවක වැටුප් ඉහළ නැංවීමට ගෙන තිබෙන තීරණය යම් අවදානමක් නිර්මාණය කරන බව පෙන්වාදෙයි. මේ තරම් ප්‍රමාණයකින් රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට ආර්ථිකයට දැරිය නොහැකි බරක් බවයි ඔහු පවසන්නේ.

අයවැය මගින් යෝජනා කර තිබෙන වැටුප් වැඩිවීම සදහා අවුරුදු තුනක් ඇතුළත රුපියල් බිලියන 300 ක මුදලක් රජය සොයා ගත යුතුය.

කෙසේ වෙතත්, වෙළදපොළ කම්පනයට පත්වන තීන්දු ගෙන නැති වීම මෙවර අයවැය යෝජනා තුළ දක්නට ලැබෙන තවත් එක් ප්‍රධාන යහපත් ලක්ෂණයක් බව ද ධනනාත් ප්‍රනාන්දු මහතා කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...