රජයේ ප්‍රතිපත්ති තීරණ සුභාවාදීයි – අවදානම රජයේ සේවක වැටුප් වැඩිකිරීමයි!

Date:

කොළඹ LNW:රජය පුද්ගලික අංශය සමග ඒකාබද්ධව ආර්ථිකය ඉදිරියට යාමට ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීන්දුව පැසසුමට ලක් කරමින් ජාතික ජන බලවේගය විසින් ඊයේ (17) දින ඉදිරිපත් කරන ලද අයවැය සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සුභවාදී ප්‍රතිචාරයක් දක්වා තිබේ.

එය ඉතා නිවැරදි තීන්දුවක් බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර නව රේගු පනතක් ඉදිරිපත් කිරීම, පෞද්ගලික අංශය හා ඒකාබද්ධ වී අපනයන සංවර්ධන කලාප ස්ථාපිත කිරීම, කොළඹ වරායේ පර්යන්ත දෙකක් සංවර්ධනය කිරීම, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම යනාදී ලෙස ගෙන තිබෙන තීරණය සමබන්ධයෙන් ධනනාත් ප්‍රනාන්දු මහතා විශේෂ අවධානයක් යොමුකර ඇත.

අස්වැසුම සදහා රුපියල් බිලියන 232 ක මුදලක් වෙන් කිරීම මගින් සමාජ ආරක්ෂණය පිළිබදව රජයේ අවධානය ගැඹුරින් යොමු වී ඇති බව පෙනී යන බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් රජයේ සේවක වැටුප් ඉහළ නැංවීමට ගෙන තිබෙන තීරණය යම් අවදානමක් නිර්මාණය කරන බව පෙන්වාදෙයි. මේ තරම් ප්‍රමාණයකින් රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට ආර්ථිකයට දැරිය නොහැකි බරක් බවයි ඔහු පවසන්නේ.

අයවැය මගින් යෝජනා කර තිබෙන වැටුප් වැඩිවීම සදහා අවුරුදු තුනක් ඇතුළත රුපියල් බිලියන 300 ක මුදලක් රජය සොයා ගත යුතුය.

කෙසේ වෙතත්, වෙළදපොළ කම්පනයට පත්වන තීන්දු ගෙන නැති වීම මෙවර අයවැය යෝජනා තුළ දක්නට ලැබෙන තවත් එක් ප්‍රධාන යහපත් ලක්ෂණයක් බව ද ධනනාත් ප්‍රනාන්දු මහතා කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...