අයවැය මල්ලෙන් හර්ෂ අහුලා ගත් සියඹලා!

Date:

කොළඹ LNW:”කථානායකතුමනි, මේ අයවැය ගෝනියේ සියඹලා තිබුනේම නෑ නෙවෙයි. පොඩ්ඩක් තිබ්බා.” යනුවෙන් අද (18) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

”කථානායකතුමනි, මේ අයවැය ගෝනියේ සියඹලා තිබුනේම නෑ නෙවෙයි. පොඩ්ඩක් තිබ්බා. උදාහරණයක් හැටියට විනාශකාරී වියදම් කපා හරින එක. කිසිඅවුලක් නෑ කරන්න. අපි දැක්කා සමහර වියදම් අඩුවෙලා තියෙනවා. හොඳයි. අපි ඒකට ගරු කරනවා. ඒක හොඳයි. දුෂණය,හොරකම මර්දනය කිරීමට අවශ්‍ය මුදල ලබා දුන්නා කියල තියෙනවා CIABOC එකට. ඇමති කෙනෙක්ගේ ගෙයක් දුන්නා කිව්වත් කමක් නැහැ CIABOC එකට. කිසිඅවුලක් නැහැ අපි අත්දෙකම උස්සනවා. දුෂණයට විරුද්ධව සටන කරන්න අපි ඒකට අවශ්‍ය සහය දෙනවා. ඩිජිටල්කරණය වැඩපිළිවෙල ඉතාම හොඳයි. ඩිජිටල් පබ්ලික් ඉන්ඵන්ස්ට්‍රක්චර් එකක හදන එක අද ඊයේ නෙවෙයි කාලයක් තිස්සේ සාකච්ජා වුණා. නමුත් මට කෙනෙක් කිව්වා මේ කරන්න හදන්නේ ප්ලාස්ටික් කාඩ් එකක හදන්න යන එකද කියල. එහෙමනම් කරන්න දෙන්න එපා. ප්ලාස්ටික් කාඩ් හරහා ලොකු වංචනික වැඩපිළිවෙලක් කලින් වෙන්ඩත් ගියා. විපක්ෂ නායකතුමා දිගින් දිගටම කතා කරපු දෙයක් තමයි අස්වැසුම ප්‍රතිලාභීන් හරියට තෝරාගත්තේ නැති කාරණය. ඒක දැන් හරියට තෝරනවා කිව්වා. හොඳයි. හැබැයි ඊටපස්සේ ඔවුන්ව සවිබල ගන්වනවා කිව්වා. මේ ලඟදි ඔවුන්ට දෙන දීමනාව වැඩි කරන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකඟ වුණා. ඒ නිසා අපි ධනාත්මක විවේචනයක් මේ කරන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...