හිටපු මන්ත්‍රීවරයෙක් සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවේ අද (18) දිනයේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන අතර නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් කොටස් කර සඟවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද ඔවුන් කැඳවා තිබුණි.

පසුගිය 06 වනදා අලුයම සඟවා තිබූ කොටස් කිහිපයක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මඟින් ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...