*
Friday, February 21, 2025
spot_img

Latest Posts

වැයක් නැතුව ක්‍රීඩාවේ වටිනාකම වැඩි කළ හැකියි.

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 18,(LNW)කොළඹ :

ජාතික ජන බලවේග රජය ඉදිරිපත් කරමින් තිබෙන්නේ සිය පළමු අය වැයයි.රටේ සමස්තයට එය කෙසේ බලපානු ඇත්දැයි අනාවැකි කියන්නට අසීරුයි.රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිය සහ ප්‍රගතියට අදාළ සැලසුම් සහ ක්‍රියාකාරකම් අයවැය සමග බැඳී තිබෙයි.

ඒ තුළින් මහා විශ්වකර්ම දේවල් සිදුවේ යැයි බලාපොරොත්තු තබා ගැනීම නුසුදුසුය.ඒ සියලු විෂයයන්හි අසාර්ථක රටක පිපිදීම එක් වසරක් තුළ අපේක්ෂා කිරීම නුසුදුසු බැවිනි.

පමණ ඉක්මවා ඒ ආකාරයට බලාපොරොත්තු තැබීම අප ක්‍රීඩාවෙන්ද අපේක්‍ෂා නොකරමු.එහෙත්ම අමතර වියදමක් නැතුව ව්‍යුහාත්මකව නිවැරදි කළ හැකි තැන්,නිවැරදි කිරීමෙන් ක්‍රීඩාවේ ප්‍රගතියත්, කාර්යක්ෂමතාවයත් අපේක්‍ෂා කළ හැකිය.

එහි පළමු පියවරේදී රටේ සෑම ක්‍රීඩාවක්ම ගොඩනැංවීමේ මාර්ගය ක්‍රීඩා අමාත්‍යංශයේ වගකීමක් පමණක් නොවන තැන් සිට,සෙසු රාජ්‍ය ආයතනවල ආයතනවල ද සහාය ලබාගෙන පෙරට යා යුතුව ඇත.

ලංකාවේ බොහෝ ක්‍රීඩාංගන පාලනය වන්නේ පළාත් පාලන ආයතනවලට සම්බන්ධවය.මේ ක්‍රීඩාංගන නඩත්තුව හරියට සිදුවන්නේ නැත.එය නඩත්තු කිරීම සඳහා පත්කළ සේවකයන් සිටියත්,ක්‍රීඩාංගන එක තිබෙන ජාතික මේ වටිනාකම පිළිබඳ අවබෝධයක් හැඟීමක්, දැනීමක්, ඔවුන්ට ලබා දී නැත.

ඒවා පාලනය කරන පුද්ගලයෝ ද,ක්‍රීඩාංගන යනු බහු විධ ක්‍රියාකාරකම් ඔස්සේ උපයන්නට ලැබුණු දෙයක් හැටියට ක්‍රීඩාංගන දෙස බැලීම සාමාන්‍ය තත්ත්වයය.ඒ නිසා මේ ක්‍රීඩාංගනවලින් මුදල් ඉපයීම අරමුණු කරගෙන,විවිධ සංදර්ශන කටයුතුවලට ක්‍රීඩා පිටිය ලබාදීමේ ප්‍රතිඵලය හැටියට අපට ඉතුරු වන්නේ ක්‍රීඩාවට නුසුදුසු භූමින්ය.එහි නරකම ප්‍රතිඵලය විය හැක්කේ ක්‍රීඩා කටයුතුවලදී ‍ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආබාධයන්ට ලක්වීමට ඇති ඉඩය.

මේ යෝජනා කරන්නේ එම ක්‍රීඩාංගන ක්‍රීඩාවට වෙනත් කිසිම දෙයකට,ලබා නොදෙන ලෙස නොවේය.එම ක්‍රීඩාංගනවල සිදුවන ක්‍රීඩාවන්ට අනුව,ඊට සංවේදී වන භූමියට ආපදාවක් නොවන හැටියට භාවිතා කිරීමය.

එමෙන්ම අනවසර සතුන් ඇතුළත් වීමෙන් වගේම,තණකොළ කැපීම වැනි කාරණා නිසියාකාරයෙන් සිදු නොකිරීම ඉතා පහසුවෙන් නිවැරදි කළ හැකි ක්‍රියාමාර්ගය.

මේ ක්‍රීඩාංගන පාලනය වන ආයතන බොහෝ විට අයත් වන්නේ,රජයේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ වලටය.ඒ නිසා මෙම ක්‍රීඩාංගන නඩත්තුව සහ නඩත්තු කරන සේවකයන්ගේ වගකීම් සම්බන්ධයෙන් මෙම ආයතන එකතුව යම් සැලසුමක් සකස් කළ යුතුව ඇත.එය ක්‍රීඩාවේ ඵලදායකත්වයට විශාල සේවයක් වනු ඇත.මෙවැනි කාරණා දැඩි වියදමක් දරා සිදු කළ යුතු එකක් නොවන අතර යම් ක්‍රම වෙනසක් හරහා හෝ අධීක්ෂණය නිවැරදි කිරීමෙන් කල හැකි දේවල්ය.

එසේම ක්‍රීඩාවන්හී පරිපාලන ව්‍යහුය,පවතින තත්ත්වයට වඩා පැතුරුණු, පුළුල් අවස්ථා සහිත එකක් බවට පත් කළ යුතුය.දැනට පවතින රගර් පරිපාලනයේ ක්‍රමවේදය ඊට හොඳ උදාහරණයක් ලෙස දැක්විය හැකි නමුත්,ආණ්ඩුව පැත්තෙන් ඇසෙන කථිකාව තුළ එය විසුණු කිරීමේ උත්සාහයක් පවතින බව දකින්නට තිබීම කණගාටුවට කරුණක්ය.

පළාතක් තුළ පවතින ක්‍රීඩා සමාජවල කැමත්තෙන්, පළාතක් පාලනය කිරීමට පත්කර ගන්නා පිරිස්වලට,ජාතිකමය වශයෙන් වගකීම් බෙදා ගැනීමට ඉඩ ලැබීම වැදගත්ය.එවිට ප්‍රාදේශීය අනන්‍යතාවයන්ටද,සැළකීමක් ලැබෙන පරිදි,ක්‍රීඩාවේ ජාතික පරිපාලන ව්‍යහුය තුළ,හඬක් තිබීම වැදගත් කාරණයකි.

යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර,ජාත්‍යන්තර බලපෑමක් ලෙස පැමිණීමේ ඉඩත්,රටින් පවතින ආර්ථික, දේශපාලන සහ සමාජ තත්ත්වයන්ට අනුකූලව,ලාංකේය ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස වැදගත් වන්නේ කවරක්ද යන්න සිතීමට,ලාංකේය ක්‍රීඩාව පරිපාලනය කරන අයට තිබෙන,අවබෝධය, උනන්දුව සහ හැඟීමත් අනුව, අමතර වෙහෙසක් හෝ වියදමක් නොකර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ දනාත්මක වර්ධනයක් සිඳු කළ හැකි බව අපි විශ්වාස කරන්නෙමු.

මේ රටේ ආණ්ඩු පත්වීමේදී,වත්මන් ආණ්ඩුව පත්කළ ඡන්දදායකයා,ආණ්ඩුව සමග ඇති කරගත් එකඟතාවය වෙනස් එකක් බව අවබෝධ කර ගැනීම වැදගත්ය.රටට වැදගත් ඵලදායි සාධනීය ක්‍රියාවලදී,ඡන්දෙන් පසුවද කැපවීමක් කරන්නට ඔවුන් සූදානමින් සිටින බව අමතක නොකළ යුතුය.එහිදී වැදගත් වන්නේ ආණ්ඩුව විසින් ගනු ලබන තීරණවල තියෙන රට සම්බන්ධයෙන් වන වැදගත්කම සහ අවංක භාවයය.රජය වෙනත් විෂයන් වලදී මෙන්ම ක්‍රීඩාවේදීද ඒ අවංක භාවය සමඟ පෙරට යාම,රටේ ක්‍රීඩාවටත් වැදගත්ය.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට,වැදගත් වන්නේ නිවැරදි සහ නොකිළිටි ඉතිහාසයක් සහ සම්බන්ධතාවයක් සහිත මිනිසුන් සම්බන්ධ කර ගැනීමය.යම් යම් ගැටළු සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී කොටස් අත හැරීම එහි දී වැදගත්ය.විවේචන ලෙස අමාත්‍යවරයා දැනටත් භාර ගන්නා බොහෝ දේ ඔහුට නිවැරදි මාවතට පිවිසෙන්නට මං සළකුණුය.

ඉතිහාසයේ සිටම පත් වූ බොහෝ ක්‍රීඩා ඇමතිවරු පණිවිඩකරුවන්ට වෙඩි තබා,කපුටාගේ කේජු කෑල්ල ගැන ආසාවෙන්,කපුටාට ප්‍රශස්ති ගැයූ නරියන්ට රැවටුණු බව දැනට ලියා තබමි.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan