රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ LNW :
බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නව අග්‍රාමාත්‍යවරයාට සුභාශිංසන පිරිනැමූ අතර ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී බංග්ලාදේශය ලබාදුන් සහයෝගය අගය කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කළේය.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය.
මෙම හමුව මගින් දෙරටේ ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සහයෝගිතාව ශක්තිමත් කිරීම මූලික වශයෙන් අපේක්ෂා කෙරේ.
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව දෙරටේ අනාගත සංවර්ධන අරමුණු සඳහා ඉතා වැදගත් වේ.


