අහසින් ගිය අමුතු වස්තු සොයා අවසන්!

Date:

ඉසුරු පරාක්‍රම

ලෝකය (Outbound Today): එක්සත් ජනපදය විසින් ඉකුත් දින ගුවනේදී දුටුවේ යැයි කියන නාඳුනන වස්තූන් දෙකකට වෙඩි තබා පොළවට පතිත කළ පුවත සමාජ මාධ්‍ය කැළඹීමට සමත් වූ අතර, පිටසක්වල ජීවීන් හා පිටසක්වල යාත්‍රා පිළිබඳ කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරුන් බොහෝ වාචික වූ කාලවකවානුවක් ලෙස ද ඉකුත් සති කිහිපය හැඳින්විය හැකිය.

මේ වන විට එක්සත් ජනපදය විසින් වෙඩි තබා පොළවට පතිත කර එම හඳුනා නොගත් වස්තූන් සඳහා කළ සෝදිසි මෙහෙයුම් අවසන් බව වාර්තා වේ.

මෙම වස්තූන් චීන ඔත්තු බැලූන බවටයි සැකකෙරෙන්නේ. පෙන්ටගනය විසින් ද මෙම වස්තූන් මොනවා ද යන්න පිළිබඳව ඊට වඩා වැඩි තොරතුරක් ලබා දෙන්නේ නැත.

මෙලෙස වෙඩි තැබූ වස්තූන්වල සුන්බුන් සෙවීමේ මෙහෙයුම් මඟින් කිසිවක් සොයාගෙන නොමැති බවත්, ඇලස්කාවේ ඩෙඩ්හෝර්ස්, සහ හුරොන් විල අසල සෝදිසි මෙහෙයුම් අද (18) අවසන් කරන ලෙස එක්සත් ජනපද උතුරු විධානය නිර්දේශ කළ බවත් පෙන්ටගනය පවසයි.

මෙකී හඳුනා නොගත් වස්තූන් වලට එක්සත් ජනපදය විසින් වෙඩි තබා පොළවට පතිත කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි 10 වන දින සහ 12 වන දෙදින තුළය.

ඡායාරූප: GETTY IMAGES

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරියෙන් සිටි පතායා තරගාවලිය අතර තුර පටාමා සහ රොහාන් අතර හමුවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: තායිලන්තයේ පතායා හී පැවති ලොව නන්...

හමාස් විනාශ කිරීමේ සැලසුම් වෙනුවෙන් ඊශ්‍රායලයට සිය පුර්ණ සහයෝගය හිමිවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 16) දිනයේදී උතුරු,...