විදුලි බල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්
විදුලි බල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.
ඒ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ය.

මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ , අදාළ ආයතනවලින් සපයනු ලබන සේවාවන් සමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බැවින් එම සේවා අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමිනි .

රෂිකා හෙන්නායක