පාස්කු ප්‍රහාරය කළේ කවුරුවත්, බෝම්බ ගැහුවේ සහරාන්, ඒ අපරාධය කළේ ISIS ජාත්‍යාන්තර සංවිධානය – මෛත්‍රී කියයි.

Date:

ඊයේ (17) කළුතර පැවති ජන හමුවකට එක්වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවේ , පාස්කු ප්‍රහාරයෙන් ටික කලකට පසු තමාට බලයෙන් අයින් වීමට සිදු වූ බවත් එනිසා එහි වැරදිකරුවන් කවුදැයි කියා සොයා ගත නොහැකි වූ බවයි.

“මේ රටේ මැති ඇමතිකම් දරපු විශාල පිරිසක් පහුගිය අවුරුදු තුනේ නිදොස් කොට නිදහස් කළා. හැබැයි ඒ නිදොස් කොට නිදහස් කිරීම මට බලපෑවේ නෑ. පාස්කු ප්‍රහාරය කළේ කවුරුවත්, බෝම්බ ගැහුවේ සහරාන්, ඒ අපරාධය කළේ ISIS ජාත්‍යාන්තර සංවිධානය, ලෝකේ බලවත් රටවල් පැමිණ පර්යේෂණ කරලා ඒ ඔක්කෝම සොයා ගත්තා.

මම ඒකටත් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. එකේ වැරදිකාරයෝ කවුද කියලා හොයන්න. හැබැයි ඒ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා කාලයක් යනකොට මම බලයෙන් අයින් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා 2019. ඒ ජනාධිපති කොමිෂන් සභාව මම බලයේ හිටියා නම්, එහෙම වාර්තාව අවසන් කරලා, ආණ්ඩුවට වාර්තාව භාරදෙන විට ඔය මම පිළිබඳ කළ නිර්දේශය කිසිසේත්ම නිර්දේශ නොකරණ බව මා ඉතා හොඳින් දන්නවා.

ඒවාට බලපාපු කරුණු ගණනාවක් තියෙනවා. ඇතැම් ආගමික නායකයින්, මම දූෂණ වංචා හොයලා නඩු දාපු අයට මා කෙරෙහි තිබුණ වෛරය, ඒ වගේම IS සංවිධානය ලංකාවේ ඇතැම් අය සමග තිබුණු සම්බන්ධතා වැනි කරුණු ගණනාවක් තුළ.. විශේෂයෙන්ම අපේ ඒ කාලසීමාව ගත් විට නිදොස් කොට කට්ටිය නිදහස් වුණා වගේම පහුගිය දවස්වල මම කෝටි 10ක් ගෙවන්න කියලා තීන්දුවක් දුන්නා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...