පළමුවත් ,දෙවනුවත් තෙවනුවත් මගේ ප්‍රමුඛතාව ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමයි – ජනපති (VIDEO)

Date:

පළමුවත්,දෙවනුවත්,තෙවනුවත් තමන් ප්‍රමුඛතාව ලබාදෙන්නේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ, අද (18) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

තමන් ගනු ලබන සියලු තීන්දුවල පදනම වන්නේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම බවයි ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බවත් කෙසේවෙතත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළ නොහැකි බව හෙතෙම සඳහන කරන ලදී.

කිසිලෙසකින්වත් නීතිය හා සාමය බිඳවැටීමට ඉඩදිය නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමෙන් පසු ජන්දය භාවිතා කර රට තුළ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවශ්‍ය පසුබිම ලබන වසරේදී ජනතාවට ලැබෙනු ඇති බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේකෙන් මුදල් නාස්ති වීමක් වෙලා නෑ. එක මොඩියුලයයි නෙ – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක්...

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...