ඇමති වලි : සනත් නිශාන්ත නිමල් ලන්සාට තර්ජනය කරන හඬපටයක් එළියට !

Date:

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට බැනවදිමින් තර්ජනය කරන හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගෙන නිමල් ලන්සා මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුකරන මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නතර කරන ලෙසයි එහිදී සනත් නිශාන්ත මහතා තර්ජනාත්මකව පවසන්නේ.

“ඔයා ෆෝන් කට් කෙරුවාට කමක් නෑ. මගේ ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එවුන්ට කියලා පාරවල් හදවලා, අපේ පාරවල් සේරම නතර කරවලා. මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා කුඩු පට්ටං වෙන්න ගහනවා. මං උඹට ආයෙ කියන්නෑ නිමල් ලන්සා … මං උඹට ආයෙ කියන්නෙ නෑ, මතක තියාගනිං.

උඹට මං කියන එක අහගෙන ඉන්න බැහැනෙ ? හෙට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසෙ ආනන්ද සරත් කුමාර පාරකට මුල්ගල තියනවා, රණවරාපිටියෙ. නවත්තනවා නම් නවත්තපං. හෙට ඒක තිබ්බොත් මම හෙට හවස උඹට මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. මතක තියාගනිං ආහ්. මං උඹට ආයෙ කියන්නෑ”

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මේ වනවිට සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ද අමාත්‍යාංශයෙන් ඉවත් කරගෙන, තනතුරෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පෙන්නුම් කරමින් සිටී. ඒ සම්බන්ධයෙන් නොයෙකුත් පුවත් මැවෙමින් තිබෙන පසුබිමක ය මෙම හඬපටයත් එළියට පැමිණ ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...