*
Friday, April 19, 2024
spot_img

Latest Posts

බැසිල්ගේ ඉංග්‍රීසි තමා ලංකාවට ගැලපෙනම second language strategy එක – පතිරණ

ශ්‍රී ලංකාවට ගැලපෙනම දෙවැනි භාෂා උපායමාර්ගය වන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාවිතා කරන ඉංග්‍රීසි ක්‍රමය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා “ඩේලිමිරර්” පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති අතර මහින්ද පතිරණ මහතා මේ අදහස ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කළ අදහස පහතින් දැක්වේ.

“බැසිල් රාජපක්ෂ මේ වීඩියෝවෙම crows කියල මුලින් කියල පස්සෙ කපුටාස් කියල තව තප්පර තුනකට විතර පස්සෙ කියනව. ඉංග්‍රීසි කතා කරනකොට මිනිස්සු ඕන තරම් සිංහල වචන, එහෙම නැත්නම් vernacular වචන භාවිත කරනව. එහෙම කරන්නෙ සංභාෂකයින් දෙන්නම vernacular එක දන්නව නම්. මෙතනත් එහෙමයි. අනික බැසිල් රාජපක්ෂ භාවිත කරන මේ ඉංග්‍රීසි ක්‍රමය තමා ලංකාවට ගැලපෙනම second language strategy එක. මේක භාවිතා කරන දෙන්නෙක් මම දැකල තියෙනව. එක්කෙනෙක් දැන් එක් විශ්වවිද්‍යාලයක උපකුලපති කෙනෙක්. ඔහුගේ කේෂ්ත්‍රය කෘෂි විද්‍යාව. මම දන්න විදියට international index journal වල පත්‍රිකා සිය ගණනක් තියෙන කෙනෙක්. මේ විද්වතා ඉතාම ප්‍රසිද්ධ doer කෙනෙක්. ප්‍රායෝගික වැඩකාරයෙක්. අනික් කෙනා තමා බැසිල්. ඔහුත් භාෂාව යොදා ගන්නෙ පණ්ඩිතමානිකම පෙන්නන්න නෙමෙයි, සංනිවේදනය කරන්න. ඔහුට භාෂාව tool එකක් විතරයි. ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීම අසාර්ථක වෙලා තියෙන්නෙ වෙන මොනවත් නිසා නෙමෙයි, භාෂාව සන්නිවේදන උපකරණයක් විදියට නොවී, එය පන්ති සංකේතයක් විදියට භාවිත කිරීම, එසේ කිරීමට ඉගැන්වීම. මට මතකයි නැසී ගිය කැළනියේ ඉංග්‍රීසි මහාචාර්ය මැණික් ගුණසේකර මේ ක්‍රමය ප්‍රචලිත කරන්න උත්සාහ කළා. හැබැයි ලංකාවේ විශ්වවිද්‍යාවල ඉංග්‍රීසි අධ්‍යනාංශවල ගොඩක් ම උත්සාහ කරන්නෙ සුද්දෝ හදන්නෙ. සුද්දො කියල අපි හිතාගෙන ඉන්න අය හදන්න. මොකද ඇත්ත සුද්දො කියන අය තරම් එදිනෙදා ජීවිතයේ දී අපි කියන කැඩිච්ච ඉංග්‍රීසි වෙන කවුරුත් භාවිතා කරන්නෙ නැ. උත්ප්‍රාසජනකම කාරණය කියන්නෙ බැසිල් කපුටාස් කිව්ව කියල උපහාසයට ලක් කරන්නෙ ජවිපෙට සම්බන්ධ ඔය දුයිෂෙන්ගෙ අඩවිය කියන පේජය. අනිත් උත්ප්‍රාසය තමා මේකට හිනාවෙන කිසිම කෙනෙකුට ඉංග්‍රීසි වාක්‍ය දෙකක් හරියට ගලප ගන්න බැහැ. ඔවුන් මේ වීඩියෝවෙත් දන්නෙ කපුටාස් විතරයි. “


ප. ලි.

ආචාර්ය මහින්ද පතිරණ මහතාගේ අදහසට අපිත් එකඟ වන්නෙමු. බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ කතාව සහ ඩේලිමිරර් සමග පැවැත්වූ මේ සම්මුඛ සාකච්ඡාව දෙස බලන කල අපටත් පෙනී යන්නේ ශ්‍රී ලංකාවට ගැලපෙනම second language strategy එක මෙය බවයි.

විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාවිතා කරන ඉංග්‍රීසි තේරුම් ගැනීමට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයක් හෝ භාෂා පරිවර්තකයෙකු සොයාගැනීමට සිදුවන තත්වයක් තුළ මහින්ද පතිරණ මහතා මේ කියන කතාවට අපත් එකඟ ය. භාෂාව භාවිතා විය යුත්තේ සන්නිවේදන උපකරණයක් වශයෙන් පමණ ය.

කෙසේවෙතත් මෙතැනදී අන්තිම අසාධාරණයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි තවත් න්‍යායාචාර්යවරයෙකු වන ජගත් වැල්ලවත්ත මහතා ය. මෙවැනිම වීඩියෝ පටයක් නිසා ඒ මහතාට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය අහිමි විය. ඒ මහතා මේ වනවිට ඉතාලියේ තානාපතිවරයා ලෙස කටයුතු කරයි. ඇත්තෙන්ම මහින්ද පතිරණ මහතා ඉහත කියනා කතාව කලින්ම කියා තිබිණි නම් ජගත් වැල්ලවත්ත මහතාට ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් ධුරය අහිමි වන්නේ නැත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan