*
Friday, April 26, 2024
spot_img

Latest Posts

වගකීම පැහැර හැර ඇත්තේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා – නීතිපතිවරයා දෙසටත් විනිසුරු ඇගිල්ල දිගුවෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අද (18) සියලුම අධිචෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

2019 වසරේ අප්‍රේල් 07 සහ 21 අතර කාලය තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුලු පිරිසක් විසින් කොළඹ නගරයේ කතෝලික දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට ප්‍රමාණවත් විශ්වාසදායී තොරතුරු ලැබී තිබියදී එය වළක්වාගැනීමට පියවර නොගැනීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම,චිතානාන්විතව එම ප්‍රහාරයට සහය දීම ඇතුලු චෝදනා 855ක් යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

කෙසේවෙතත් විත්ති වාචක කැඳවීමකින් තොරවම චෝදනා ලබා සිටි හිටපු ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් දෙදෙනා සියලුම චෝදනා වලින් නොදොස් කොට නිදහස් කිරීමටයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ.

නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි අද එම නඩුවට අදාළ නියෝගය අද ප්‍රකාශයට පත් කළේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අදාළව තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු මඩුල්ල නිගමනය කර තිබුණේ ඔහුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා කිසිදු නීතිවිරෝධී පැහැර හැරීමක් සිදුකර නැති බව ප්‍රකාශ විණි.

විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා තීන්දුව ප්‍රකාශ කරමින් පවුවේ නඩුව ගොණු කිරීමට පෙර නීතිපතිවරයාට ඒ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුව තිබූ බවයි.

චූදිතයින්ට නගා ඇත්තේ අපරාධමය චෝදනා වන හෙයින් පැහැදිලි සාක්ෂි නොමැතිව එලෙස නඩුවක් ගොණු කළ නොහැකි බවත් එය අධිකරණය අනුමත නොකරන බවත් විනිසුරුවරයා සඳහන් කරන ලදී.

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත ස්වාධීනව තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් පැවතී නැති අතර තීරණ ගැනීම අතින් ඔහු අසරණ තත්ත්වයක පසුව ඇති බව සාක්ෂිවලින් පෙනී යන බවත් මෙහිදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට උපදෙස් දීමද ගැටළු සහගත බවයි විනිසුරුවරයා පැවසුවේ.

මෙහිදී පැහැර හැරීමක් කර ඇත්තේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වන අතර ඔහු සිය වගකීම පැහැර හරිමින් එය ජාතික බුද්ධි ප්‍රධානියා මත පැවරීමට උත්සහ දැරීම ද අධිකරණ අනුමත නොකර බව තීන්දුවේ සඳහන් කර ඇත.

එවැනි ප්‍රහාරයක් ගැන තොරතුරු වාර්තා වී තිබියදී එම කාලය තුළ විධායක ජනාධිපතිවරයා රටේ නොසිටි තත්ත්වයක අගමැතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සමඟ ඒ ගැන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සාකච්ජා නොකිරීමද මෙහිදී විනිසුරුවරුන් මතුකරන ලදී.

මේ අතර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ සාක්ෂියේදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔහුටද නිශ්චිත අවබෝධයක් තිබී නැති බව පෙන්නුම් කළ බවද මහාධිකරණ විනිසුරුවරුන් සිය තීන්දුවේ දක්වා තිබේ.

ප්‍රහාරයක් එල්ල වෙන බවට අවසාන අවස්ථාවේ විදේශයකින් ලද තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් කර තොරතුරු හෙළිකර ගැනීමක් මෙරටදී සිදු වී නැති අතර තිබී ඇත්තේ එම විදෙස් තොරතුරැ පමණක් බවද තීන්දුවේදී ප්‍රකාශ කෙරුණි.

එමෙන්ම එවකට හමුදා බුද්ධි ප්‍රධානියාගේ සාක්ෂිය අනුව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හමුදා බුද්ධි අංශය සමඟද නිසි ලෙස තොරතුරු හුවමාරු කරගෙන සහයෝගයෙන් කටයුතු කර නැති බවයි තීන්දුවේදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව සියලු සාක්ෂි විමසීමෙන් අනතුරුව චුදිතයින් වෙත එල්ල කර තිබෙන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමට චේතනාන්විතව අපරාධයකට සහය දැක්වීම මෙන්ම නොකර හැරීමක් සිදුකර ඇති බවට සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සමත් වී නැත.

විශේෂයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල අවධාරණය කළේ නිලධාරීන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට ඉඩක් ඇති නොකර සිදුවීමක් වූ පසු ඔවුන්ට චෝදනා කිරීම අධිකරණය අනුමත නොකරන බවයි.

ASK

සියලුම ඡායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan