*
Friday, April 19, 2024
spot_img

Latest Posts

නඩුවෙන් නිදහස් වුණත් සිදුවුණ අගතීන්ට වගකියන්නේ කවුද?

ආරම්භයේ සිටම අධිකරණය කෙරෙහි විශ්වාසය පැවති අතර එය එලෙසින්ම ඉටු වූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පාස්කු නඩුවට පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පැවසුවේය.

නඩු තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සිය සේවාදායකයා නඩුවෙන් නිදහස් වුවද සිදු වූ අගතීන්ට වගකියන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය පවතින බවයි.

”අධිකරණය කෙරෙහි විශ්වාසයක් මුල් අවස්ථාවේදීම තිබ්බා. ඒ ආකාරයෙන්ම එය ඉටුවීමක් වුණා. නමුත් මෙතන තිබෙන ප්‍රශ්නය වෙන්නේ නඩුවෙන් නිදහස් වුණත් පොලිස්පතිධූරය වගේ ඉතාම ශ්‍රේෂ්ඨ ධූරයකට නිසි ඇගයීමකින් තොරව නඩු පැවරීම තුළ මගේ සේවාදායකයාට ඉතාම අගතියක් වුණා. මාස හතරහමාරක් රිමාන්ඩ් භාරයේ ඉන්න වුණා. පොලිස්පති කියන තනතුර නැති වුණා. ඒවාට වගකියන්නේ කවුද කියන එක තමයි ප්‍රශ්නය වෙන්නේ. නමුත් මින් ඉදිරියට රටේ යම්කිසි චෝදනාවක් පුද්ගලයෙකුට ගේනවා නම් ඉතාම සුපරීක්ෂාකාරීව බලල ඒ ආකාරයෙන් නඩු පැවරීම කරන්න ඕනේ. එසේ නොමැති වුවහොත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තව තවත් සිදු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan