නඩුවෙන් නිදහස් වුණත් සිදුවුණ අගතීන්ට වගකියන්නේ කවුද?

ආරම්භයේ සිටම අධිකරණය කෙරෙහි විශ්වාසය පැවති අතර එය එලෙසින්ම ඉටු වූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පාස්කු නඩුවට පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පැවසුවේය.

නඩු තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සිය සේවාදායකයා නඩුවෙන් නිදහස් වුවද සිදු වූ අගතීන්ට වගකියන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය පවතින බවයි.

”අධිකරණය කෙරෙහි විශ්වාසයක් මුල් අවස්ථාවේදීම තිබ්බා. ඒ ආකාරයෙන්ම එය ඉටුවීමක් වුණා. නමුත් මෙතන තිබෙන ප්‍රශ්නය වෙන්නේ නඩුවෙන් නිදහස් වුණත් පොලිස්පතිධූරය වගේ ඉතාම ශ්‍රේෂ්ඨ ධූරයකට නිසි ඇගයීමකින් තොරව නඩු පැවරීම තුළ මගේ සේවාදායකයාට ඉතාම අගතියක් වුණා. මාස හතරහමාරක් රිමාන්ඩ් භාරයේ ඉන්න වුණා. පොලිස්පති කියන තනතුර නැති වුණා. ඒවාට වගකියන්නේ කවුද කියන එක තමයි ප්‍රශ්නය වෙන්නේ. නමුත් මින් ඉදිරියට රටේ යම්කිසි චෝදනාවක් පුද්ගලයෙකුට ගේනවා නම් ඉතාම සුපරීක්ෂාකාරීව බලල ඒ ආකාරයෙන් නඩු පැවරීම කරන්න ඕනේ. එසේ නොමැති වුවහොත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තව තවත් සිදු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...