නිවැරදි දේ කරන්න නීතියෙන් බාධාවක් නැහැ – ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Date:

නීති පවතින්නේ දූෂණ සහ අක්‍රමිකතා මැඩ පැවැත්වීමට වන අතර නිවැරදි දේ සිදු කිරීමේදී නීතිය බාධාවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජාපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හදිසි නිරීක්ෂණයකට ලක්කරමිනි.

හරි දේ කළත්, එය ද වැළැක්වීමට ඇතැම් කණ්ඩායම් විවිධ උපක්‍රම යොදාගන්නා අතර ඒවාට කිසිදු ඉඩක් නො තැබිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ඉලක්කගත ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ජාතික අවශ්‍යතාව පමණක් සැලකිල්ලට ගන්නා ලෙස පැවසූ ජනාධිපතිවරයා, අනාගතය වෙනුවෙන් සැලසුම් කර ඇති ව්‍යාපෘති ප්‍රමාද වීමෙන් ලෝකය ඉදිරියේ රට වසර ගණනාවකින් දැවැන්ත පසුබෑමකට ලක් වන බව ප්‍රකාශ කළේය.

බලශක්ති අධිකාරියේ ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණ,පර්යේෂණ,උපායමාර්ග,බලශක්ති කළමනාකරණ අංශ වෙත ගිය ජනාධිපතිවරයා එහි කාර්යභාර්යයන් සහ සැලසුම් පිළිබඳ නිලධාරීන්ගෙන් විමසන ලදී.

විදුලිබල උත්පාදනයට ජල, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් හමු වී විමසා බැලීම,ජනාධිපතිවරයාගේ මෙම චාරිකාවේ අරමුණ වී තිබේ.

විදෙස් ආයෝජන සඳහා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඇති බාධා ඉවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබී ය.

නිවාස ලක්ෂයක වහළ මත සූර්ය පැනල සවිකීරිමේ ව්‍යාපෘතිය කඩිනම් කර එහි ප්‍රතිලාභ අඩු ආදායම්ලාභීන්ට ද සලසන ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එහිදී උපදෙස් දී ඇත.

පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමේදී පනතේ ඇති අඩුපාඩු නිවැරදි කිරීමට,විදුලිබල මණ්ඩල පනත සංශෝධනයට අවශ්‍ය කටයුතු සියලු පාර්ශ්වයන් එක් ව සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිනම්ව ක්‍රියා කරන බව එහිදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...