නිවැරදි දේ කරන්න නීතියෙන් බාධාවක් නැහැ – ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Date:

නීති පවතින්නේ දූෂණ සහ අක්‍රමිකතා මැඩ පැවැත්වීමට වන අතර නිවැරදි දේ සිදු කිරීමේදී නීතිය බාධාවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජාපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හදිසි නිරීක්ෂණයකට ලක්කරමිනි.

හරි දේ කළත්, එය ද වැළැක්වීමට ඇතැම් කණ්ඩායම් විවිධ උපක්‍රම යොදාගන්නා අතර ඒවාට කිසිදු ඉඩක් නො තැබිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ඉලක්කගත ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ජාතික අවශ්‍යතාව පමණක් සැලකිල්ලට ගන්නා ලෙස පැවසූ ජනාධිපතිවරයා, අනාගතය වෙනුවෙන් සැලසුම් කර ඇති ව්‍යාපෘති ප්‍රමාද වීමෙන් ලෝකය ඉදිරියේ රට වසර ගණනාවකින් දැවැන්ත පසුබෑමකට ලක් වන බව ප්‍රකාශ කළේය.

බලශක්ති අධිකාරියේ ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණ,පර්යේෂණ,උපායමාර්ග,බලශක්ති කළමනාකරණ අංශ වෙත ගිය ජනාධිපතිවරයා එහි කාර්යභාර්යයන් සහ සැලසුම් පිළිබඳ නිලධාරීන්ගෙන් විමසන ලදී.

විදුලිබල උත්පාදනයට ජල, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් හමු වී විමසා බැලීම,ජනාධිපතිවරයාගේ මෙම චාරිකාවේ අරමුණ වී තිබේ.

විදෙස් ආයෝජන සඳහා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඇති බාධා ඉවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබී ය.

නිවාස ලක්ෂයක වහළ මත සූර්ය පැනල සවිකීරිමේ ව්‍යාපෘතිය කඩිනම් කර එහි ප්‍රතිලාභ අඩු ආදායම්ලාභීන්ට ද සලසන ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එහිදී උපදෙස් දී ඇත.

පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමේදී පනතේ ඇති අඩුපාඩු නිවැරදි කිරීමට,විදුලිබල මණ්ඩල පනත සංශෝධනයට අවශ්‍ය කටයුතු සියලු පාර්ශ්වයන් එක් ව සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිනම්ව ක්‍රියා කරන බව එහිදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...