රුසියානු විපක්ෂ දේශපාලනඥයා ඇලෙක්සි නවාල්නිගේ මෘත දේහය සඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති පුටින්ගේ සෘජු විවේචකයෙකු වන රුසියානු විපක්ෂ දේශපාලනඥයා ඇලෙක්සි නවාල්නි පසුගිය 16වන දින සිරගෙදරදී මියගිය අතර මේ වන විටත්, ඔහුගේ මෘත දේහය පවුලේ අයට ලබා දී නොමැති බව වාර්තා වේ.

නවාල්නි Kharp හි “Polar Wolf”හි IK-3 බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි අතර ඔහුගේ මව වන ලියුඩ්මිලා නවාල්නායා පසුගිය සිකුරාදා(16) ඔහුගේ මෘත දේහය ලබා ගැනීමට එහි යාමේදී බන්ධනාගාර සේවය ප්‍රකාශ කර තිබුණේ, නවාල්නි පා ගමනක් අතරතුර ඇද වැටී සිහිසුන්ව වැටීමෙන් පසුව ඔහු මිය ගිය බව බවත්, මූලික පශ්චාත් මරණ පරීක්‍ෂණය අවිනිශ්චිත බවත් දෙවැනි පරීක්‍ෂණය සිදුකිරීමට සිදුවන බවත්, දේහය මේ වන විට බන්ධනාගාර සංකීර්ණයේ නොමැති බවත්ය.

කෙසේ නමුත් නවාලිනිගේ කණ්ඩායම විශ්වාස කරන්නේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝගය මත ඇලෙක්සි නවාල්නි ඝාතනය කරන්නට ඇති බවත් දේහය සඟවාගෙන සිටින බවත්ය.

ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් නවාලිනිගේ මරනය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර G7 කණ්ඩායමේ විදේශ ඇමතිවරු රුසියාවෙන් ඉල්ලා සිටියේ මේ පිලිබඳව අදහස් දක්වන ලෙසයි.

ස්වාධීන රුසියානු මානව හිමිකම් නිරීක්ෂණ කන්ඩායමක් වන OVD-Info වලට අනුව, නවාලිනිට ශෝකය ප්‍රකාශ කිරීමට සංවිධානය කළ රැස්වීම් වලින් පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර නගර 32 ක අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇති අතර, විශාලතම සංඛ්‍යාව මොස්කව් අගනුවර සහ ශාන්ත පීටර්ස්බර්ග්හි සිදුවී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...