විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යන්නේ අනුරගේ ජයග්‍රහණයට බයේ – නලින්ද

Date:

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් මේ මොහොතේ ඉදිරිපත්ව ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමේ කුමන්ත්‍රණයක් වශයෙන් බව එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“මෙතුවක් කාලයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අකමැති වෙච්ච අය, විධායකය අහෝසි කරන්න අවස්ථාව තිබියදී ඒක මඟහැරලා ගිය අය දැන් කතා කරනවාලු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා හරි මාලිමාවේ ජයග්‍රහණය වළක්වන්න ඕනෙ කියලා. ඒකට තමයි දැන් කුමන්ත්‍රණය සිද්ධ වෙන්නෙ. අද ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නෙ මේ රටේ ජනවරමක් සහිත ආණ්ඩුවක් බලයට පත්වෙනකල්. මොකද ලෝකෙ රටවල් ලෑස්ති නෑ මේ වගේ පස්ස දොරෙන් රිංගපු ජනාධිපතිවරයෙක් එක්ක කටයුතු කරන්න.”

නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...