සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW:

සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය මාස නවයක කාලය තුළ ඩොලර් මිලියන 417ක දැවැන්ත ලාභයක් උපයා ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසයි.

වසා දැමීමට තීරණය කර තිබූ මෙම පිරිපහදුව, අදාළ කාලය තුළ රටට ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් ඉතිරි කර දී තිබේ.

එසේම, රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද, රජයේ විශේෂ සහනාධාර ක්‍රමවේද හරහා ජනතාවට දැරිය හැකි මිලකට ඉන්ධන ලබා දී ඇති බව හෙළි වේ.

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියද, දේශීය මිල වැඩිවීම පාලනය කර ඇත්තේ රජයේ මූල්‍ය ආධාර මතය.

ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ ප්‍රතිලාභ ද ජනතාව වෙත ලබා දීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

නල්ලූරුව හෝටලයක නීතිවිරෝධී පරිගණක ජාල වැටලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: පානදුර දකුණ පොලිස් වසමේ...

Real Madrid කණ්ඩායමේ 3-0 ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා (La Liga)...